News Line| Off Air| Games
Generic placeholder image

Dec
10

අධිකරණ තීන්දුවට පෙර ජනපති මන්ත්‍රීවරුන් සමග විශේෂ හමුවක්

1060 Views


අධිකරණ තීන්දුවට පෙර ජනපති මන්ත්‍රීවරුන් සමග විශේෂ හමුවක්

අධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු අවසන් ක්‍රියාමාර්ගය සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (10)දහවල් 12.00ට සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරු 8.00ට සාකච්ඡාවක් පැවැත්වූ බවත්,එහි තීරණ දැනුම් දී අවසන් විසඳුම කුමක්දැයි සාකච්ඡා කරන බවත් මන්ත්‍රිවරයා සඳහන් කලා.

අධිකරණය මගින් මහමැතිවරණයක් පවැත්වීම වළක්වාලමින් තීන්දුවක් ලබාදුනහොත් මහමැතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න ජනතාවගෙවන් විමසීමට ජනමත විචාරණක් පැවැත්වීම අවසන් විසඳුම වනු ඇතැයි හෙතෙම පවසා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.


News Articles
Latest Videos
Most Popular Post