News Line| Off Air| Games
Generic placeholder image

Jun
24

අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු යළි රිමාන්ඩ්

555 Views


අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු යළි රිමාන්ඩ්

අනුරාධපුර නගරාධිපති, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපති, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති, රාජාංගනය ප්‍රදේශයේ ග්‍රාමනිලධාරීවරයෙක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ඇප මත මුදා හරින්නැයි නීතිඥවරුන් විසින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාළ පුද්ගලයින් 06දෙනා අද(24) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර ඔවුන් සියලු දෙනා ජූලි 8 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් කේ.ඒ. රමිලා නදීෂානි මහත්මිය නියෝග කර ඇති බව වාර්තා වනවා.

1999 වසරේදී එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සංගම් ලේකම්වරයාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිීරීමේ සිද්ධියට අදාළවයි අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු මෙම සැකකරුවන් 8 දෙන ලබන මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.


News Articles
Latest Videos
Most Popular Post