News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

ඇතැම් මුහුදු ප‍්‍රදේශ වල රළ ගොඩබිමට පැමිණීමේ අවධානමක්

850 Views


ඇතැම් මුහුදු ප‍්‍රදේශ වල රළ ගොඩබිමට පැමිණීමේ අවධානමක්

ඉදිරි පැය 24 ක කාලය තුළ පුත්තලම, සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල රළ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post