News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගයට අත්සන් ලබා ගැනීම ලබන අඟහරුවාදා ඇරඹේ

498 Views


ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගයට අත්සන් ලබා ගැනීම ලබන අඟහරුවාදා ඇරඹේ

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබා ගැනීම ලබන අඟහරුවාදා සිට ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා කියා සිටියේ එදින පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාව පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ තේරීම් කාරක සභාව පිළිබදව කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදහස් දක්වා සිටි අතර එම මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ තේරීම් කාරක සභාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හා සමානව ක්‍රියාත්මක වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post