News Line| Off Air| Games
Generic placeholder image

Dec
13

ඉන්දියාවේ අම්බානිගේ දුවගේ විවාහයේ නැටුම් අධ්‍යක්ෂණයට ලංකාවෙන් චන්දන වික්‍රමසිංහ

2110 Views


ඉන්දියාවේ අම්බානිගේ දුවගේ විවාහයේ නැටුම් අධ්‍යක්ෂණයට ලංකාවෙන් චන්දන වික්‍රමසිංහ

ලෝකයෝ ඉහළම ධනවතුන් අතර වැජඹෙන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ එකම දියණිය වන ඊෂා අම්බානි මෙනවියගේ සහ ආනන්ද් ප්‍රියාමාල් මහාතාගේ විවාහයේ නැටුම් අධ්‍යක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්ථන අධ්‍යක්ෂවරයෙක් සහ නර්ථන ශිල්පියෙක් වන චන්දන වික්‍රමසිංහ මහතා අවස්ථාව  වෙත ලැබුණා.

ලෝක ප්‍රකට නර්ථන ශිල්පින් සහ ලෝක මට්ටමේ නැටුම් ශිල්පීන් රැසක් සිටින ඉන්දියාවේ ප්‍රමුඛතම උත්සවයක නැටුම් අධ්‍යක්ෂණය ශ්‍රී ලංකාවට හිමිවීම රටක් වශයෙක් අප සැමටම ආඩම්බර විය හැකි කාරණයක් බව කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් ඉන්දියාව බලා පියාසර කිරීමට මොහොතකට පෙර වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

මෙම උත්සවයේ ප්‍රථම නර්ථන අංගය වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේ සෙංකඩගලපුරවරය ආශ්‍රිත නිර්මාණයක්. මේ පිළිබඳව සඳහන් කළ වික්‍රමසිංහ මහතා පැවසුවේ දැවැන්ත නිර්මාණයක් වශයෙන් ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවද නිරූපණය වන සේ මෙම නිර්මාණ ඉදිරිපත් කරන බවයි.

මෙම අවස්ථාවට ලෝකයේ ප්‍රමුඛතම දේශපාලකයන්, ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන්, සිනමා හා නැටුම් අධක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වුණා.

ඇමෙරිකාවේ හිලරි ක්ලින්ටන් මහත්මියද විශේෂ ජෙට් යානයකින් මුම්බායට පැමිණ මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා.

දේශිය නැටුම් සම්ප්‍රදාය ජාත්‍යන්තරයට ගෙනයාමට මෙය ශ්‍රී ලංකාවට ලැබුනු මහගු අවස්ථාවකි. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදෙමින් ඊට සහභාගී වූ චන්දන වික්‍රමසිංහ මහතා ඇතුලු කණ්ඩායමට සියත 24  අපගේ සුබපැතුම්..!


News Articles
Latest Videos
Most Popular Post