News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

ඕකේ අයිස් ග්ලැසියරය මියයයි

3685 Views


ඕකේ අයිස් ග්ලැසියරය මියයයි

අයිස්ලන්තයේ වසර 700ක් පැරණි ඕකේ ජෝකුල් හෙවත් ඕකේ අයිස් ග්ලැසියරය මියගිය බවට නිල නිවේදනය සහ ශෝකය පල කිරීම පසුගියදා සිදුකෙරුණා.

අයිස්ලන්තයේ ඕකේ ජෝකුල් ග්ලැසියරය මියගිය බව ප්‍රථම වරට අනාවරණය වූයේ 2014 වර්ෂයේදී වුවත් ඒ බව නිල වශයෙන් සමරනු ලැබුවේ පසුගියදායි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන දේශගුණික විපර්යාසයන් නිසා අයිස්ලන්තයට අහිමි වූ පළමු ග්සිලැයරය මෙය වන අතර ග්සිලැයරයක් මියගොස් ඇති බව දැනගත හැකි වන්නේ එයට තවදුරටත් චලනය වීමට නොහැකි බව තහවුරු කර ගැනීමෙන්.එනම් සෙමෙන් දිය වී ගොස් තවදුරටත් ග්ලැසියරයක් අදාළ ස්ථානයේ නොපැවතීමත් සමඟයි.

ග්ලැසියරය පැවති ඕකේ ගිනිකන්ද මුදුනේ සැමරුම පවත්වා තිබෙනවා.

ඕකේ නම් ගිනිකන්ද වසා පැවතීම හේතුවෙන් ග්ලැසියරය ඕකේ ජෝකුල් නම් වුවද වසර 700කට පසුව නැවතත් එය ඕකේ ගිනිකන්ද ලෙස පමණක් හදුන්වා තිබෙනවා.

ඕකේ ජෝකුල්අගේ අහිමි වීම සිහිපත් කරමින් අයිස්ලන්තයේදී අනාගතයට ලියමනක් යනුවෙන් ඵලකයක් විවෘත කරනු ලැබුවා.

මෙම ඵලකය ස්ථාපිත කිරීමෙන් අනාගතයේදී ලෝකයට අහිමි වෙමින් පවතින ග්ලැසියර සුරක්ෂිත කිරීමට මෙන්ම ඒ පිළිබඳව අනාගතයට දැනුම් දීම අයිස්ලන්තය සහ පරිසර විශේෂඥයින් බලාපොරොත්තු වනවා.

ග්ලැසියරයක් ලෙස තවදුරටත් නම්කළ නොහැකි පළමු අයිස්ලන්ත ග්ලැසියරය බවට පත්වන්නේ ඕකේ ජෝකුල් යනුවෙන් එම ඵලකයේ සටහන් කර ඇති බව සදහන්.

වසර 200ක් ගතවන විට ලෝකයේ ඉතිරිව පවතින ප්‍රධාන ග්ලැසියරවලට හිමිවන්නේ මෙම ඉරණම බව එම ඵලකයේ තවදුරටත් දක්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post