News Line| Off Air| Games
Generic placeholder image

Apr
25

කම්පනකාරී අවස්ථාවලදී ළමුන් සමග කටයුතු කිරීමට දෙමාපියන්ට උපදෙස්

1233 Views


කම්පනකාරී අවස්ථාවලදී ළමුන් සමග කටයුතු කිරීමට දෙමාපියන්ට උපදෙස්

01. කම්පනකාරී සිදුවීම ළමුන් තේරුම් ගන්නේ ඔවුන්ට ආවේණික වේගයකිනි.

කාලයත් සමග ළමයින් තුල එම සිදුවීම් පිළිබදව දැන ගැනීමට ඇති උනන්දුව හා ඒ පිලිබදව ඇති ගැටලු වෙනස් විය හැකි බැවින් ඔවුන් සමග කතා බහා කිරීම එක් වරකට සීමා නොකරන්න.

02. එක් ළමයකු මෙම සිදුවීම් වලට දක්වන ප්‍රතිචාරය අනෙක් ළමුන් සමග සංසන්දන්ය නොකරන්න.

ළමයින් ප්‍රතිචාර දක්වන ආකාරය එකිනෙකාට වෙනස් ය. ඇතැම් ළමයින් යහළුවන් හා නෑදෑයින් සමඟ කාලය ගතකිරීමට ප්‍රිය කරයි; තවත් ළමයින් තනිව ඒ පිළිබඳ කල්පනා කිරීමට රුචිකත්වයක් දැක්විය හැක. දුක, තරහව, වරදකාරීබව යනාදි කවරාකාර හැඟීමකින් වුව ද කම්පනකාරී සිදුවීමකට ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය බව ළමයාට පහදා දෙන්න. තව ද, තම හැඟීම් විවිධාකරයෙන් ප්‍රකාශ කිරීමට හැකි බව ද ළමයින් කියාදිය හැකි ය; උදාහරණයක් ලෙස යමෙකු නොහැඬුවත් ශෝකදායි හැඟීම් ඔහුට දැනනෙනවා විය හැක.

03.සැලකිය යුතු හානියකට හෝ කැලඹුම් සහගත සිදුවීමකට පසුව ළමයින්ගේ මනොභාවයන්හි වෙනස්වීම බලපොරොත්තු විය හැක.

ඔබේ ළමයාගේ භාවාත්මක ලෝකය පිළිබඳව කල්පනාකාරීව හා සංවේදීව සිටින්න.

04.ළමයින්ට ඔවුන්ගේ හැඟිම් ප්‍රකාශ කිරීමට හා සන්නිවේදනය කිරීමට උනන්දු කරවන්න.

අනුස්මරණ උත්සව හෝ වෙනත් චාරිත්‍ර ඇතැම් ළමයින්ට වැදගත් සේ දැනෙනු ඇති අතර ඇතැමුන් චිත්‍ර ඇඳීම තුළින් හෝ තම යහළුවන් සමඟ කාලය ගතකිරීමෙන් තම හැඟීම් ප්‍රකාශ කළ හැක. ශෝකය හා තරහව වැනි හැඟීම් මුදා හැරීමට හිතකර විධි සොයාගැනීමට ඔබේ ළමයාට උපකාර කරන්න. ඔවුන්ගේ සිතිවිලි, හැඟීම් හා අත්දැකීම් පොතක සටහන් කිරීමට හෝ චිත්‍රයක් තුළින් ප්‍රකාශ කිරීමට ළමයින් උනන්දු කරවන්න. ඔවුන්ගේ හැඟීම් එළිදැක්වීමට එය රුකුලක් විය හැක.

05.ඛේදවාචකයකට පසුව ඔබත් ඇතුළු වැඩිහිටියන්ට දැනෙන විවිධ වූ හැඟීම් හා චිත්තාවේග පිළිබඳ ළමයින්ට පැහැදිලි කරන්න.

ඔබේ හැඟිම් අවංකව ළමයාට ප්‍රකාශ කරන්න; නමුත් ළමයාගේ සිත තව දුරටත් කම්පාවට පත් නොවන ලෙසට වගබලාගන්න.

06.ඔබේ ළමයින්ට කතාකිරීමට නිස්කලංක ස්ථානයක් හා වේලාවක් තෝරාගන්න; ප්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානම් වන්න

සිදුවීමක් පිළිබඳ ළමයින් දැනටමත් දන්නා කරුණු පළමුව දැනගෙන ඒ ගැන ඇති ගැටලු වලට ඇහුම්කන් දීමෙන් සාකච්ඡාව පටන් ගැනීම නුවණට හුරුය. ළමයාට ඇති සියලු ගැටලුවලට ඔබ පිළිතුරු දැනගෙන සිටීම අවශ්‍ය නොවන බැවින් “මම දන්නේ නැහැ” යැයි පැවසීමට මැළි නොවන්න.

07.සිදුවී ඇති දේ පිළිබඳ අවංක හා ඍජු තොරතුරු ළමයාට ලබාදෙන්න.

ඔබේ ළමයා එම සිදුවීම පිළිබඳ කතා කිරීමට කැමති ප්‍රමාණයට, ඔවුන්ට වැටහෙන භාෂාවෙන් විවෘත සංවාදයක යෙදෙන්න. කම්පනකාරී සිදුවීම් පිළිබඳ සාකච්ඡා කිරීම වැඩිහිටියන් මඟහැරිය විට, එය “තහනම් මාතෘකාවක්” ලෙස ළමයින්ට හැඟීයා හැකි අතර එමඟින් ඔවුන් තුළ ඇති බිය හා චකිතය වැඩිවිය හැකිය.

08.පීඩාකාරී වාතාවරණයන් තුළ වුව ද ළමයිට ඔවුන්ට හුරුපුරුදු දෛනික ක්‍රියාකාරකම්වල හැකිතාක් නිරතවීමට අවකාශය සලසන්න.

ඔවුන්ට හුරුපුරුදු රටාවන්ට ක්‍රියාකිරීම තුළින් ළමයින් ක්‍රමයෙන් සාමාන්‍ය හැඟීම්වලට හැඩගැහෙනු ඇති අතරම, එමඟින් සිඩු වූ දේ පිළිබඳ ඔවුන් තුළ ඇති කම්පනය ද සැලකිය යුතු ලෙස පහව යයි.

09.රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් ඇතුළු මාධ්‍යන්ට ළමයින්ගේ නිරාවරණය වීම පිළිබඳ විමසිලිමත් වන්න.

එකම සිදුවීම නැවත නැවතත් නැරඹීම විශේෂයෙන්ම කුඩා දරුවන්ට පීඩාකාරී විය හැකි අතර, එය රූපවාහිනිය තුළින් දකින සෑමවාරකදීම සැබවින් සිදුවේ යැයි ඔවුන් සිතීමට ඉඩ ඇත.

10 සන්සුන්ව සිටිමට උත්සාහ කරන්න
සන්සුන්ව සිටීමෙන් ඔබ මනා පාලනයකින් යුක්තව සිද්ධියට මුහුණ දෙන බව ළමුන් වටහා ගන්නවා පමණක්
නොව අසහනකාරි තත්වයක් කල්පනාකාරී ආකාරයෙන් හැසිරවිය යුතු ආකාරය ගැන එමගින් ඔවුන් ඉගෙන
ගන්නවා ඇත.

11 ඔවුන් ආරක‍ෂාකාරී බවත් ඔවුන්ව හොඳින් රැකබලා ගන්නා බවත් ළමුන්ට යලි යලිත් සහතික වන්න
විපත්තියක සිද්ධිය අවසන් වූ පසුව ද ආරක‍ෂාව පිළිබඳව නැවත නැවතත් සහතික වීමට සිදුවිය හැකිය. ළමුන්
ආරක‍ෂාකාරී බව ඔවුන්ට හැෙ`ගන පරිදි ඔවුන් සමග වැඩි කාලයක් ගතකිරීම වඩාත් වැදගත්ය. රජය සහ ප්‍රජා
සංවිධාන මගින් ප්‍රජා ආරක‍ෂාව තහවුරු කර ඇති ආකාරය ඔවුන්ට විස්තර කර දෙන්න.

චිත්තවේගී ගැටඵ හෝ කලින් ඇතිවූ කම්පනයන් නිසා සිද්ධියට පෙරම අපහසුතාවයන් ගෙන් පෙලෙන ළමුන්
විශේෂයෙන්ම අසරණ විය හැකි බව මතක තබා ගන්න. ඔබගේ දරුවා ගැන ඔබ සංවේගයෙන් පසුවන්නේ නම්
හෝ චිත්තවේගී සහ/හෝ හැසිරීමේ ගැට`ඵ සති හයකට ඩටා පවතින්නේ නම් හෝ වෘත්තීය මානසික සෞඛ්‍ය
වේදියෙකු හමුවන්න.

 

‘Caring for Kids After Trauma, Disaster and Death: A GUIDE FOR PARENTS AND PROFESSIONALS’ 

යුනිසෙෆ් දකුණු ආසියානු කාර්යාලයේ උපදේශන අංශයේ අවසර ඇතිව සකසන ලද්දකි.

වැඩි දුර තොරතුරු සදහා පිවිසෙන්න,For more information visit www.unicef.lk


News Articles
Latest Videos
Most Popular Post