News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

කාසි නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක්

909 Views


කාසි නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක්

කාසී නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කලේ කොළඹ ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ බිම් මහලේ මෙම කවුළුව ස්ථාපිත කිරීමට නියමිත බවයි.

හෙට විවෘත කිරීමට නියමිත කාසී නිකුත් කිරීමේ කවුළුව රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී පමණක් පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා විවෘත වනවා.

එක් අයෙක් සඳහා එක් වරකට නිකුත් කරන අවම කාසී ප්‍රමාණය එක් මුහුණත වටිනාකමකින් කාසී සියයක පැකට්ටුවක්.

රුපියල රුපියල් දෙක රුපියල් පහ සහ රුපියල් දහය යන ඕනෑම වටිනාකමකින් යුත් කාසී සියය බැගින් වන පැකට්ටු රුපියල් 20,000ක උපරිම වටිනාකමකට යටත්ව මෙම කවුළුව මඟින් ලබාගත හැකියි.

කාසී තොග වශයෙන් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට සහ ආයතන වලට ඒ සදහා පහසුකම් ලබා දී තිබෙනවා. සිය කාසී අවශ්‍යතාවන් පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිය වෙත ඉල්ලුම්පත්‍රයක් රාජකාරී දින දෙකකට පෙර යොමුකිරීමෙන් කාසී ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post