News Line| Off Air| Games
Generic placeholder image

Apr
6

කොටියෙකුටත් කොරෝනා වැළදෙයි

1042 Views


කොටියෙකුටත් කොරෝනා වැළදෙයි

නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා.

“නාඩියා” නම් මෙම සත්වයා වයස අවුරුදු 4 වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදු කළ පරීක්‍ෂණයකදී මෙය අනාවරණය වී තිබෙනවා.

සත්ත්ව උද්‍යානයේ වෙනත් කිසිදු සත්වයෙකුට මෙම රෝගය වැළදී නොමැති බව සත්ව උද්‍යානය නිල ප‍්‍රවෘත්ති නිවේදනයක්ද නිකුත් කරමින් සදහන් කළා.

නාඩියා ට මෙය වැළදී ඇත්තේ සත්ව උද්‍යානයේ සේවකයෙකුගෙන් බව අනාවරණය වී තිබෙනවා.

මාර්තු 16 සිට වසා දැමුණු මෙම සත්ත්ව උද්‍යානය ජනතාවට විවෘත වූයේ නැහැ.

මෙම සිදුවීම සමග වෛරසයෙන් පෙළෙන ඕනෑම කෙනෙක් සුරතල් සතුන් සමග සම්බන්ධතා අවම කරන ලෙසට එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.

මීට පෙරද සුනඛයෙකුට හා බළල් පැටවෙකුට කොරෝනා වෛරසය වැළදුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post