News Line| Off Air| Games
Generic placeholder image

Jan
14

කෝටි 7.5 ක වත්කම් ඉපයූවේ කෙසේද ? – විමල්ගේ නඩුව 27 ට කල් යයි

906 Views


කෝටි 7.5 ක වත්කම් ඉපයූවේ කෙසේද ? – විමල්ගේ නඩුව 27 ට කල් යයි

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් සහ ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් සහ දේපළවල හිමිකරුවකු සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා තෙක් කල් තබා තිබෙනවා.

මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයෙන් සිදු කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කරනු ලැබුවා.

මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිනු ලැබුවා.

2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත‍්‍රයේ සඳහන් වෙනවා.

2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යනුකූල වත්කම් සහ ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් සහ දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post