News Line| Off Air| Games
Generic placeholder image

Feb
18

ජනපතිගේ කථාවට සුජිවගෙන් පිළිතුරු

850 Views


ජනපතිගේ කථාවට සුජිවගෙන් පිළිතුරු

එක්සත් ජාතික පක්ෂය පාලනය කරන්නේ පිටස්තරයින් නොව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද (18දා) ප්‍රකාශ කළා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන එක්සත් පෙරමුණේ සමුළුවේදී ඊයේ සිදුළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කීවේය.

බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි ව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා,

“රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීම ගැන කලින් අපිට ප්‍රශ්න තිබුණා. නමුත් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා තමයි එක්සත් ජාතික පක්ෂය පාලනය කරන්නේ.

එතනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලනය කරන්නේ වෙන කවුරුහරි කියන්න පුලුවන්.පොහොට්ටුව පාලනය කරන්නේ තව කවුරුහරි කියන්න පුලුවන්.නමුත් ඒ පක්ෂ පාලනය කරන්නේ ඒ පක්ෂවල නායකයෝ.” යනුවෙන් පවසා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post