News Line| Off Air| Games
Generic placeholder image

Oct
21

පොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍ය බව කෘෂිකර්ම ඇමති කියයි

535 Views


පොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍ය බව කෘෂිකර්ම ඇමති කියයි

පොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍ය බවත් මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළා.

හුණුපිටිය රජයේ පොහොර ගබඩාවන් වන ලක් පොහොර හා කොමර්ෂල් පොහොර ගබඩා වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු මේ බව පවසා තිබෙනවා.

මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර සමඟම අතුරු බෝග සඳහා ද අවශ්‍ය ප්‍රමාණයට පොහොර ගෙන්වා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව 2019 මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 148, 162ක්, ත්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36, 530.54ක්, මියුරෙට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 44, 833.5ක් ද රජයේ සමාගම් මඟින් ආනයනය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

2019 මහ කන්නයේ වී සඳහා භූමි ප්‍රමාණය අක්කර 1,968,147.72ක් වගා කරනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන අතර මේ වන විට පෞද්ගලික සමාගම් 13ක් සඳහා පොහොර ගෙන්වීමට හා බෙදාහැරීමට අනුමැතිය ලබා තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post