News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

බ්‍රිතාන්‍යය නෞකාවක් ඉරාන හමුදා භාරයට ගැනීමත් සමග දෙරට අතර ගැටුම් උග්‍ර අතට

481 Views


බ්‍රිතාන්‍යය නෞකාවක් ඉරාන හමුදා භාරයට ගැනීමත් සමග දෙරට අතර ගැටුම් උග්‍ර අතට

ඉරානය සමීප මුහුදේ යාත්‍රා කරමින් පැවැති බ්‍රිතාන්‍ය නෞකාවක් ඉරානය සිය භාරයට ගෙන තිබෙනවා.මේ සිදුවීමත් සමගින් මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුටරත් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන් කලේ.

ඉරානයට සමීප හෝර්මූස් සමුද්‍ර සන්ධියේ ගමන් කරමින් පැවැති බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක් ජාත්‍යන්තර රෙගුලාසි කඩ කිරීම හේතුවෙන් මෙසේ සිය භාරයට ගත් බව ඉරානය පවසනවා.

මේ අතර නෞකාව භාරයට ගැනීම සම්බන්ධයෙන් ඉරානයට අනිසි ඵලවිපාක රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් ජෙරමි හන්ට් අනතුරු ඇගවා තිබෙන අතර මෙම නවතම සිදුවීමත් සමඟ ඉරානය සහ බ්‍රිතාන්‍යය අතර පසුගිය සතිකිහිපයේදී හටගත් රාජතාන්ත්‍රික මතගැටුම් තවදුරටත් උග්‍රවී තිබේ.උද්ගතවී ඇති අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍යෙය් හදිසි කමිටුව වන කෝබ්‍රා කමිටුව දෙවරක්ම කැඳවීමට රජයට සිදුවුණු බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post