News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

මගීන් 70ක් සමග බීමතින් රිය පැදවූ බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

2235 Views


මගීන් 70ක් සමග බීමතින් රිය පැදවූ බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

බීමතින් ඉතා අනාරක්ෂිත ලෙස මගින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක රියදුරෙකු දඹුල්ල පොලීසිය අද (20) උදෑසන දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේ උදෑසන පාසල් ළමුන්ගේ ආරක්ෂාව සඳහා මාර්ගයේ යොදවා සිටි දඹුල්ල පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් පිරිසකට සැකසිති මෙම බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු අධික ලෙස බීමතින් සිටි බවත් එම අවස්ථාවේ බස් රථයේ මගීන් හැත්තෑවකට අධික පිරිසක් සිටි බවත් පොලීසිය පැවසුවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් බස් රථයක් හා රියදුරෙකු බව සදහන්.

අලුයම 5.45 ට පමණ කුරුණෑගල සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන මෙම ලංගම බස් රථය දිනපතා ධාවනය වන එකක් බවත් මෙම බස්රථයේ විශාල වශයෙන් රජයේ සේවකයින් ගමන් කරන බවත් පොලීසිය පවසනවා.

පෙරදින රාත්‍රියේ සංගීත සාදයකට සහභාගී වී මත්පැන් පානය කොට අලුයම සිය රාජකාරියට පැමිණි බව ප්‍රශ්න කිරීම්වලදී රියදුරු ප්‍රකාශ කර ඇති අතර ඔහු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post