News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

මිල්හාන් අල්ලන්න රතු නිවේදනය හේතු වුණ බව ජාත්‍යන්තර පොලිසිය කියයි

531 Views


මිල්හාන් අල්ලන්න රතු නිවේදනය හේතු වුණ බව ජාත්‍යන්තර පොලිසිය කියයි

තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඞ් මිල්හාන් නැමැති පුද්ගලයා සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනය ද බෙහෙවින් ඉවහල් වු බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර පොලීසියේ මහලේකම් යෝගන් ස්ටොක් ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමේ කොටසක් ලෙස අදාළ රතු නිවේදනය නිකුත් කළ බවයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට තමන්ට සහයවීමට හැකි වීම ගෞරවයක් සේ සලකන බවද ජාත්‍යන්තර පොලීසියේ මහලේකම්වරයා සඳහන් කර අති අතර ජාත්‍යන්තර වශයෙන් නීතිය මඟ හරිමින් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීම ප්‍රබල මෙවලමක් ලෙස සැලකිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර පොලීසිය 29 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර තිබුණේ අහමඩ් මිල්හාන් හයතු මොහොමඞ් යන නමින්.

තවද මොහොමඞ් මිල්හාන් තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතයෙකු ලෙසයි සැලකෙන්නේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි එහි ප්‍රධාන නායකයෙකු ලෙස සැලකෙන මොහොමඞ් මිල්හාන් නැමැත්තා ඇතුළු පස්දෙනෙකු සෞදි ජෙඩා නුවරදි අත්අඩංගුව ගෙන ඊයේ මෙරටට ගෙන එනු ලැබුවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් දෙදෙනෙකු යුද හමුදාව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සිදුකළ මෙහෙයුමකදී මහනුවර-හිඟුරෑල ප්‍රදේශයේ ඔවුන්ගේ නිවෙස්වල සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලබුවා.


News Articles
Latest Videos
Most Popular Post