News Line| Off Air| Games
Generic placeholder image

Oct
23

මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

919 Views


මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 2300 ක් සමඟ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් – පුදුමාතලන් වෙරළ තීරයේ ඊයේ සිදුකළ වැටලීමකිදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සකකරුවන් අවුරුදු 36 ත් 40 ත් අතර වයස්වල පසුවන කල්පිටිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.

එම කටයුතු සඳහා යොදාගත් යාත්‍රා 4 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එසේම ත්‍රිකුණාමලය – නල්ලූර් සහ මන්නාරම වංකාලේ ප්‍රදේශවල සිදුකළ තවත් වැටලීමකදි මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සහ ප්‍රවාහනය කළ 11 දෙනෙකු තම බාරයට ගත් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post