News Line| Off Air| Games
Generic placeholder image

Mar
25

සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් අපි ණය දෙනවා

632 Views


සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් අපි ණය දෙනවා

කුමන පක්ෂයක වුනත් සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් ආණ්ඩුව වශයෙන් උදවු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

එන්ටර්ප‍්‍රයිස් සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ ‘‘එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා ඔබේ ගමට’’ ජංගම සේවයේ මාතර, වැලිගම නගර සභා පරිශ‍්‍රයේ සමාප්ති උත්සවයට ඊයේ (24) සහභාගි විමෙන් අනතුරුව එම ස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය .

එහිදි තවදුරටත් අදහස් පළකල අමාත්‍යවරයා ,

‘‘ මෙම ජංගම ණය යෝජනා ක‍්‍රමය යටතේ අලූත් ණය යෝජනා ක‍්‍රම වලට 1,327 දෙනෙක් ඉල්ලූම් කර තිබෙනවා . ඒ වගේම සොදුරු පියස ණය යෝජනා ක‍්‍රමය යටතේ 2,800 ක් අයදුම් කරලා තියෙනවා . ඒ අතරින් 1,463 දෙනෙක් සාර්ථකව අයදුම්පත‍්‍ර අනුමත වෙලා තියෙනවා .

මම පෞද්ගලිකව ඉදිරි සති දෙක ඇතුලත බැංකු එක තැනකට කැඳවලා සාකච්ජා කරලා ණය මුදල ඉක්මනට ලබා දෙනවා . මෙතනදි පැහැදිලිව කියන්න ඕන මේකට  කිසිම දේශපාලන බලපැමක් තිබුණේ නැහැ . මම මෙතන රැදි හිටියට අරයා මේ පක්ෂයේ , මෙයා අර පක්ෂයේ කියලා බැලුවේ නැහැ . තමන්ගේ සුදුසුකම තමයි එකම සුදුසුකම.  අන්න ඒ අනුව අපි දැනට ස්වයංරැකියා සඳහා වටිනාකම මිලියන 152ක් වෙනවා . එහෙනම් මේ රට දියුණු කිරිමේ නව පෞද්ගලික අංශයක් පිහිටුවිමේ සාර්ථක පළමු පියවරක් ලෙස අද වැලිගමදි නිමාව දකිනවා’’ යැයි පැවසිය .


News Articles
Latest Videos
Most Popular Post