News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

හරීන් මේ දේ කිවුවේ ටිකිරිට මද?

432 Views


හරීන් මේ දේ කිවුවේ ටිකිරිට මද?

මෙවර මහනුවර දළඳා පෙරහරට එක්ව තිබූ ටිකිරි ඇතින්න වයෝවෘද්ධ නිසාත්, පෙරහරේ ගමන් කරවීම නිසාත් ඇය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා.

එහෙත් ඇයගේ භාරකරුවන් සඳහන් කළේ බාරයක් ඔප්පුකිරීම වෙනුවෙන් ටිකිරි ඇතින්න පෙරහරේ ගමන් කරවූ බවයි.

ටිකිරි ඇතින්න වෙනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබුණා.

මේ පිළිබඳව අදහස් දැක්වූවන් පවසන්නේ අමාත්‍යවරයා මෙය ටිකිරි ඇතින්න උපමාවට ගනිමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කළ ප්‍රකාශයක් බවයි.

ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛව කටයුතු කරනවා.

පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං

විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත …

ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය


News Articles
Latest Videos
Most Popular Post