News Line| Off Air| Games
Generic placeholder image

Oct
5

මිතුරන්ගේ උදව් උපකාර ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

2601 Views


මිතුරන්ගේ උදව් උපකාර ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 05 බ්‍රහස්පතින්දා

රාහු කාලය පෙ.ව 01.27 සිට 02.57

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව දකුණ

 

මේෂ ලග්නය

ඔබ අවබෝධයෙන් යුතුව කලට වෙලාවට වැඩ කටයුතු කලොත් ඔබට පැහැදිලිව ඉන්න ගෙදර තුල ජිවත්වන සමාජය තුල ගෞරවයකට පත් වෙන්න පුළුවන්. ඔබ ඉන්න රටට ඉන්න ගමට ගෙදරට වඩා හිතවත්කමක් ආදරයක් ගෞරවයක් දක්වන්න තියෙන දිනයක්. ඔබට ඔබගේ අනන්‍යතාවය රැක ගන්න පුළුවන් වුනොත් ගෙදර දොර ඉඩකඩම් දේපොළ වල දියුණුවක් ඇතිකර ගන්න පුළුවන්. ඔබගේ සියලු උත්සාහයන් කෙසේ හෝ ඔබට ජයග්‍රාහී තත්වයකට පත් කර ගන්න පුළුවන්. නමුත් ඔබගේ ඉගෙනීමට ආදරයට බාධාවන් පවතිනවා. ඔබගේ දරුවන්ගේ ඉගෙනීම වැඩ කටයුතු වලට දෙමව්පියනි ඔබට කාලයත් ධනයත් වැය කරන්න තියෙනවා.

ජය වර්ණය සුදු පැහැය                  ජය අංකය 04

 

වෘෂභ ලග්නය

ඔබගේ උත්සාහය හේතු කොට ගෙන ඔබට සමාජය තුල වැජඹීමට හැකියාව ලැබෙනවා. මිතුරන් අතර වැඩිමහල් සහෝදරයන් අතර උත්සහවන්තයෙකු ලෙස වැජඹීමට ඉඩකඩ ඇති කරනවා. ඔබගේ ආදායම් ඔබට වැඩි දියුණු කර ගැනීමට හැකියි. ඔබගේ ව්‍යාපාර තත්වයන් තුල ලාභදායී තත්වය වැඩි කරනවා. මිතුරන්ගේ උදව් උපකාර ඔබට ලැබීමට හැකියාව තියෙනවා. ලැජ්ජ භය ඇතිව ජිවත් වීමට ඔබ උත්සහ කරනවා. දනට පිනට ප්‍රිය වෙනවා. බාල සහෝදරයන්ට උදව් උපකාර කරනවා.

ජය වර්ණය කොළ පැහැය                         ජය අංකය 05

 

මිථුන ලග්නය

ලියන මුද්‍රණ විද්‍යුත් කාර්මික අංශ වල යෙදී සිටින ඔබට ජය ලැබෙනවා. කෑමට වඩා ප්‍රියතාවයක් ඇති වෙනවා. වචනය සංවර කර ගත්තොත් ඔබට මුදල් ලැබීම හරි පහසු වෙනවා. මුල්‍ය බැංකු නිවේදන උපදේශන සේවා හා අලෙවි ක්ෂේත්‍ර වල සිටින ඔබට අද අන් අය හමුවේ ඔබගේ ලාභදායී තත්වයන් වැඩි දියුණුවට පත්කර ගන්න පුළුවන්. මව් පාර්ශවයේ ඥාතීන්ගේ උදව් උපකාර ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ගෙදරදොර ඉඩකඩම් දේපල වල දියුණුවක් ඔබට ලබා ගත හැකියි.

ජය වර්ණය තැඹිලි පැහැය                       ජය අංකය 03

 

කටක ලග්නය

උසස් අයගෙන් බලවත් පොහොසත් අයගෙන් මුල්‍ය උපකාර ලබන්න හොද දිනයක්. ඔබ බැංකු ණයක් අනුමත කරගන්න උත්සහ දරනවා නම් අද පැහැදිලිවම බැංකු ණය අනුමත වෙනවා. ධන වාසි ඇති කර ගන්න පුළුවන්. උසස් අයගේ වාචික ප්‍රශංසාවකට ඔබ ලක් වෙනවා. උසස් ඉගෙනීමේ කටයුතු වලින් විදෙස් ගමන් වලින් දුර ගමන් වලින් ඔබට ලාභදායී තත්වයක් ඇතිකර ගත හැකි වෙනවා. ගෘහ හා විවාහ ජීවිතය තුල සතුට ප්‍රමෝදය ඇති කර ගන්න පුළුවන්. වෙනදට වැඩිය මුදල් ලැබෙන්න තියෙන දිනයක්. තම පවුලේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වෙනවා.

ජය වර්ණය තැඹිලි පැහැය                        ජය අංකය 02

 

සිංහ ලග්නය

ඔබට නියමිත ගෞරවය ලැබීමට ඔබට දැඩි සටනක යෙදීමට සිදු වෙනවා. අනවබෝධය ඇති පසුබිමක් තුල අවබෝධයකින් තොරව ඔබ ඔබගේ ගෞරවය සොයා යන්නෙක් බවට පත්වීම හේතු කොටගෙන ඔබ අතින් ඔබගේ දෛනික කටයුතු අතපසු වෙනවා. ඔබ මනස තුල අවබෝධයෙන් කටයුතු නොකරන අයෙක් වෙන්න පුළුවන්. එසේම ඔබට ලැබිය යුතු ගෞරවය දියුණුව අඩු වෙනවා. ඔබට ලැබිය යුතු ආදායම් ප්‍රමාදයට පත් වෙනවා. ඔබ බලාපොරොත්තු වන ගෘහ හා විවාහ ජීවිතය තුල සතුට අන්තිම මොහෙතෙත් ලබන්න පුළුවන්. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් අවබෝධයෙන් යුතුව කලට වෙලාවට තමාගේ ගෞරවය රැක ගන්න පුළුවන් විදියට ඔබ අප්‍රමාදීව කටයුතු කරන්න පුළුවන් කෙනෙක් වෙනවා.

ජය වර්ණය තැඹිලි පැහැය                         ජය අංකය 01

කන්‍යා ලග්නය

ඔබට අන් අයගේ උදව් උපකාර ලැබී තම ආරක්ෂාව සලසා ලන්න පුළුවන් දිනයක්. ඔබගේ සෑම කටයුත්තකදීම ඔබ විවාහක නම් ඔබගේ ස්වාමියා හෝ බිරිද ඔබේ පිටුපසින් සිට ඔබව ආරක්ෂා කරගන්න දිනයක්. ඔබගේ හවුල් කටයුතු කොටස් වෙළදපොල කටයුතු මහජනයා සමග කරන කටයුතු වලදී ඔබ ප්‍රමුඛයෙක් බවට පත්වෙලා එහි සාර්ථකත්වය හා ලාභදායී තත්වය ඔබට වැඩි දියුණුවට පත් වෙනවා. ඒ නිසා ඔබට ඔබගේ නම මුල් කොටගෙන ගෞරවයකට පත් වෙන්න පුළුවන්. ඔබගේ කතාවේ දක්ෂතාවයෙන් ඔබට ධනය උපයා ගැනීමට හැකි වෙනවා. අන් අයට උපදෙස් දීමට දක්ෂ වෙනවා. ගෘහ හා විවාහ ජීවිතය තුල ඔබ උදව් උපකාර ලැබ ඔබ සතුටට පත් වෙනවා.

ජය වර්ණය කොළ පැහැය                         ජය අංකය 01

තුලා ලග්නය

ඔබ කබලෙන් ලිපට වැටෙන්න තියෙන දිනයක්. අදුරෙන් අදුරට වැටෙන්න තියෙන දිනයක්. ඔබ තුල පවතින නොරුස්සුම් ගතිය අනවශ්‍ය තීරණ ගැනීමට ඔබ පොළඹවනවා. අයහපතට පොළඹවනවා. ඔබ කනස්සල්ලෙන් යුතුව වැඩ කටයුතු කරන දිනයක්. ඔබ පිඩාවට පත් වෙනවා. මානසික පීඩාවන් හේතු කොට ගෙන ඔබ දැන හෝ හොද මිනිසුන් ඔබ විවේචනයට ලක්කර ඔබ අකුසල් ලබා ගන්නවා. අනිසි චෝදනා වලට ගොදුරු වන්නෙක් විය හැකියි. අනවශ්‍ය ගමන් බිමන් ඔබව කරදරයේ හා මුලාවේ දාන්න පුළුවන්. ඔබ අන් අයගේ ගැටළු ඔබේ කර ගන්න යාම නිසා ඔබ තවත් ප්‍රශ්න වැඩි කරගන්නවා. ඔබට හැකි නම් සියලුම දෛනික කටයුතු වලින් මිත්‍රශීලීව අන් අය සමග කටයුතු කරන්න.

ජය වර්ණය කොළ පැහැය                        ජය අංකය 05

වෘශ්චික ලග්නය

 

ඔබ සතු මිත්‍රශිලිභාවය හා සමාජශීලි හැකියාවන් දක්ෂකම් මුල් කොට ගෙන ඔබට ඉගෙනීමෙන් කලා කටයුතු වලින් පැහැදිලි ජයක් ලැබිය හැකියි. ඔබගේ දරුවන්ගේ දක්ෂකම් වලින් ඔබ ආඩම්බරයට ගෞරවයට පත් වෙන්න පුළුවන් දිනයක්. ඔබටද සමාජයේ උසස් වගකීම් වල යෙදී සිටින්න පුළුවන් දිනයක්. ඔබට ඔබගේ ආදායම් වැඩි දියුණු කරගන්න පුළුවන්. මිතුරන්ගේ වැඩි උදව් උපකාර ලබන්න පුළුවන්. ඔබගේ වෘත්තීය මට්ටම් තුල නිසි වගකීම් දැරීම හේතු කරගෙන පැහැදිලි සාර්ථකත්වයක් ලබන්න පුළුවන්.

ජය වර්ණය කහ පැහැය                 ජය අංකය 05

 

ධනු ලග්නය

ඔබගේ ගෙදරදොර ඉඩකඩම් දේපල වල වැඩකටයුතු වලදී ඔබ කා සමගත් මිත්‍රශීලීව වැඩ කටයුතු කරන නිසාම අද දිනය ඔබට යහපත් වෙනවා. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලැබෙන්න තියෙන දිනයක්. ඔබ සාධාරණව හරි හම්බ කර ජිවත් වෙන්න දරන උත්සාහය අද දිනයේ සාර්ථකත්වයට පත් වෙනවා. ආදායම් වැඩි දියුණුවට පත් වෙනවා. ඔබට තියෙන සියලු ගැටළු මිතුරන්ගේ උදව් උපකාර තුල නිරාකරණය කර ගන්නවා. ඔබට වෘත්තීය තුල වෘත්තීය දක්ෂතාවයන් ප්‍රගුණ කරගෙන පරිපාලන හැකියාවන් තුල ඔබේ කටයුතු සාර්ථකත්වයට පත්කර ගන්න පුළුවන්.

ජය වර්ණය කහ පැහැය               ජය අංකය 04

 

මකර ලග්නය

අනවශ්‍ය වියදම් වැඩි වේවි. ගෘහ හා විවාහ ජීවිතය තුල එකිනෙකාගේ වචන මුල්කොට ගෙන දුකට කනස්සල්ලට පත් වෙනවා. ඔබට ආහාරයක් පවා පිළිවෙලකට ගන්න බැරි තත්වයක්. ඔබගේ බාධාවන් හමුවේ එඩිතර වී බුද්ධිමත්ව හා සහයෝගයෙන් වැඩ කටයුතු කර එම කාල සිමාව යහපත් කරගත යුතුයි. ඔබ සතු නායකත්වය වගකීම් දැරීමේ හැකියාව හා කැපවීම තුල ඔබට ඉෂ්ට සිද්ධ කරගෙන සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. ඔබට පැහැදිලි සාර්ථකත්වයක් ලැබීමට ඉඩකඩ ඇති කරනවා. ලියන මුද්‍රණ විද්‍යුත් කාර්මික ක්ෂේත්‍ර වල සිටින ඔබට පැහැදිලි දියුණුවක් අත් වෙනවා. නමුත් සමාජයේ වගකීම් දැරීමට හෝ මිතුරු ඇසුරට සුභ දිනයක් නොවේ. ඔබගේ ආදායම් පහල වැටීමට හේතු ඇති වෙනවා. පිං අතේ වැඩ කටයුතු කිරීමට සුභයි. විදෙස් ගමන් දුර ගමන් සාර්ථක කරනවා.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 10

 

කුම්භ ලග්නය

ජයග්‍රාහී සෙයියාවකින් වැඩ කටයුතු කරන දිනයක්. මානසික ජයග්‍රාහී ප්‍රබෝධය අද ඔබට ඇති වෙනවා. ඔබ ආදරය සොයා යන්නෙක් බවට පත් වෙනවා. ඉගෙනීම ක්‍රීඩාව කලා කටයුතු වලින් ඔබට ජය ලැබීමට හැකියාව පවතිනවා. ආදරය කරන ඔබලා අතර ලෙන්ගතුකම් වැඩි වෙනවා. රාජ්‍ය අංශයේ තිබෙන උදව් උපකාර ලැබෙනවා. ගුරු වෘත්තියේ රාජ්‍ය අංශයේ සිටින ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. ගෙදර දොර දියුණුවට ඉඩකඩ තියෙනවා. මවට සුභ දිනයක්.

ජය වර්ණය කොළ පැහැය                        ජය අංකය 05

මීන ලග්නය

ඔබගේ නුවණ බුද්ධිය මුල් කොට ගෙන අද ඔබට ඔබගේ පෞරුෂත්වය තුල අන් අය ඉදිරියේ ගෞරවයකට පත්වීමට හැකි දිනයක්. ලොතරැයි වාසනාවන්ට ඉඩ තියෙනවා. මවගේ සෙනෙහස ලබන්න තියෙන දිනයක්. ඔබ මවට උපකාර කරන්න කැමැත්තක් දක්වන දිනයක්. ආදරය කරන ඔබලා අතර ප්‍රේමය වැඩිපුර දොර ගලන දිනයක්. දරුවන් මුල්කරගෙන ඔබ පැහැදිලි සතුටකට පත් වෙනවා.

ජය වර්ණය කහ පැහැය                 ජය අංකය 01

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක

දුරකථන අංකය : 0776719151


News Articles
Latest Videos
Most Popular Post