News Line| Off Air| Games
Generic placeholder image

Nov
30

ගාලූමුවදොර පිටිය සහ කොටුව දුම්රියපොළ අවට සිටි යාචකයන් 700ක් ඉවත් කරයි

8625 Views


ගාලූමුවදොර පිටිය සහ කොටුව දුම්රියපොළ අවට සිටි යාචකයන් 700ක් ඉවත් කරයි

බස්නාහිර පළාත තුළ සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීම පොලීසිය විසින් ආරම්භ කර තිඛෙනවා.

පොලිස් මූලස්ථානය බස්නාහිර පළාතේ සියලූම පොලිස් මූලස්ථාන වෙත ලබා දුන් උපදෙස් අනුව මෙලෙස යාචකයන් ඉවත් කිරිම සිදුකරනු ලබනවා.

මේ වනවිට ගාලූමුවදොර පිටිය සහ කොටුව දුම්රියපොළ අවට සිටි යාචකයන් 700 ආසන්න පිරිසක් ඉවත් කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් පිරිසක් අම්බලන්තොට – රිදියගම යාචක රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිත බව සදහන්.

මෙලෙස ඉවත් කළ යාචකයන් අතර විවිධ අපරාධ ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් ද සිටි බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම, අද පෙරවරුවේ පොලිසිය,වෙළඳසැල් හිමියන් සහ මහජනතාව එක්ව ගාලූමුවදොර පිටිය පිරිසිදු කරනු ලැබුවා.

මේ අතර, දුම්රියේ සිඟමන් යදින යාචකයන් සහ අනවසර වෙළඳුන් ඉවත් කිරිමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post