News Line| Off Air| Games
Generic placeholder image

Jan
13

රුපියල් 135,000 ක වැටුපකට ජපානයෙන් රැකියා 100 ක් ලංකාවට. රැකියාවලට අයදුම් කරන්නේ මෙහෙමයි.

2110 Views


රුපියල් 135,000 ක වැටුපකට ජපානයෙන් රැකියා 100 ක් ලංකාවට. රැකියාවලට අයදුම් කරන්නේ මෙහෙමයි.

ජපානය සහ ලංකාව අතර අතීතයේ ඉදන්ම ලොකු මිත්‍රත්වයක් තිබ්බා. එ් නිසා ජපානයෙන් ලංකාවට තෑගි රැසක් ලැබිලා තියෙනවා. පාර්ලිමේන්තුව, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව එ් අතරින් කිහිපයක්.

ඔන්න අායෙත් ජපානය ලංකාවට තෑගි වගයක් දීලා. එ් ලංකාවේ කාන්තාවන් 100 කට ජපානයේ රැකියා. විදේශ රැකියා අමාත්‍යංශයයි ජපානයේ අයි එම් ජපන් අායතනයයි අැති කර ගත්ත ගිවිසුමක් අනුව තමයි මේ රැකියා ලැබිලා තියෙන්නේ.

ලංකාවෙන් යන එක ශ්‍රමිකයෙකුට රුපියල් 135,000 කට අාසන්න පඩියක් ලැබෙනවා. මේ රැකියා සදහා අයදුම් කරන්න කැමති අය විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අලෙවිකරණ අංශයට අයදුම්පතක් එවන්න.

එ් වගේම මේ රැකියා ගැන වැඩි විස්තර විදේශ රැකියා අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළකරලා තියෙනවා. එහෙම නැත්තම් 011 2791814 අංකයට කතා කරලා දැන ගන්නත් පුළුවන්.

 


News Articles
Latest Videos
Most Popular Post