News Line| Off Air| Games
Generic placeholder image

May
25

දුම්රිය ආසන 16,000ක් Online ඔස්සේ වෙන් කෙරේ

500 Views


දුම්රිය ආසන 16,000ක් Online ඔස්සේ වෙන් කෙරේ

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් 16,000ක් online ඔස්සේ ආසන වෙන්කර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන් පොල්වත්තගේ මහතා පැවසුවේ ඉදිරි දිනවල රාජකාරි කටයුතු සඳහා පැමිණීම වෙනුවෙන් අදාළ පිරිස ආසන වෙන්කරගෙන ඇති බවයි.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච්.පණ්ඩුක මහතා පැවසුවේ හෙට සිට දිවයිනපුරා ලංගම බස් සේවා ක්‍රියාත්මක බවයි.

මේ අතර සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුව කොළඹ හා ගම්පහ හැර සෙසු ප්‍රදේශවල සිට අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ ය.

බස් රථ ධාවනය අලුයම 4.30 ට ආරම්භ කෙරෙන අතර පස්වරු 6.00 ට අවසන් කිරීමට නියමිත ය.

බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ ය.

බස් රථවල ගමනාන්තය පැහැදිලිවම ඉදිරි පස වීදුරුවේ බස් රථය නවත්වන අවසාන ස්ථානය සඳහන් කළ යුතු අතර සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින් පැළඳිය යුතු ය.


News Articles
Latest Videos
Most Popular Post