News Line| Off Air| Games
Generic placeholder image

Oct
11

හිටපු ඇමතිලා 19 කට මරණ දඬුවම

624 Views


හිටපු ඇමතිලා 19 කට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අමාත්‍යවරුන් 19 දෙනෙකුට එරට අධිකරණයක් මරණ දඩුයම නියම කර තිබෙනවා. 2004 දී දේශපාලන රැළියකට ග්‍රෙනේඞ් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම මොවුන්ට එරෙහි චෝදනාවයි.

අදාළ චෝදනාවට වැරදිකරුවන් වූ තවත් 38 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කලා. මරණ දඬුවම් නියම වූවන් අතර බංගලාදේශයේ හිටපු රාජ්‍ය කටයුතු භාර ඇමතිවරයා ද වනවා.

එමෙන්ම තවත් හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් ද වන බවයි විදෙස් මාධ්‍යය වාර්තා කලේ. චෝදනා එල්ල වූ අදාළ බෝම්බ ප‍්‍රහාරය 2004 වසරේ අගෝස්තු මස 21 වනදා එල්ල වී තිබුනේ බංගලාදේශයේ දේශපාලන රැළියක් ඉලක්ක කර ගනිමින්.

බංලාදේශ අගමැතිනී ෂීක් හසීනා සිය කතාව අවසන් මොහොතකට පෙර සිදු වූ මෙම පිපිරීම්වලින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගියා. තවත් පුද්ගලයින් 100 කට අධික පිරිසක් තුවාල ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post