News Line| Off Air| Games
Generic placeholder image

Mar
19

අද ලග්න රැසකට වාසනාවන්ත දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

907 Views


අද ලග්න රැසකට වාසනාවන්ත දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 මාර්තු මස 19 වනදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 07.46 සිට 09.17 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.50 සිට 09.19 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර
මරු සිටින දිශාව: වයඹ  

 

මේෂ ලග්නය

සෑම කටයුත්තක් පිළිබඳවම කලකිරීම් ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. කලා කටයුතු වලටද එතරම් සුභ දිනයක් නොවෙයි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් බලාපොරොත්තු විය නොහැක. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                    ජය අංකය: 03

වෘෂභ ලග්නය

තරමක සැහැල්ලු මානසිකත්වයකින් කටයුතු කළහැකි දිනයකි. හදවත් රෝග ඇතිවීමට ඉඩ ඇති දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් පැහැය                                                ජය අංකය: 03

මිථුන ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. වෙනදට වඩා  කාර්යබහුල වන දිනයකි. ලේඛන කටයුතු වලටද ඔබට වඩාත් සුභ දිනයකි. මිතුරන් සමඟ අලුත් දේවල් ආරම්භ කළහැකි දිනයකි. බොහෝ කටයුතු ඉතාම පහසුවෙන් කරගෙන යා හැකි දිනයකි. කලා කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                    ජය අංකය: 03

 

කටක ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. වැඩිහිටියන් අතර බොහෝ ගෞරවයක් ඇතිවන දිනයක් වන අතර ඔවුන්ගේ උදව්ද නොමදව ලැබෙන දිනයකි. කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඔබට වඩාත් සුභ දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                                       ජය අංකය: 05

සිංහ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලට එතරම් සුභ දිනයක් නොවෙයි. සෞඛ්‍ය පීඩාද ඇතිවන දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                        ජය අංකය: 06

කන්‍යා ලග්නය

බොහෝ පිරිසක් අතර ඔබ ගැන කතාබහක් ඇතිවන දිනයකි. එමෙන්ම අන් අයට උදව් උපකාර කිරීමට සිදුවන දිනයකි. ජයග්‍රහණ රැසක් හිමිවන දිනයකි. නමුත් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                                 ජය අංකය: 06

 

තුලා ලග්නය

ආමාශගත රෝග ඇතිවීමට ඉඩ ඇති දිනයකි. සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. බොහෝ කටයුතු වලදි ජයග්‍රහණ වෙනුවට සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                      ජය අංකය: 03

 

වෘශ්චික ලග්නය

 

කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි.  මතභේද වලින් තොරව දිනය ගත කරන්න. එමගින් බොහෝ ලාභ ලබාගත හැකි දිනයකි. කෝපය පාලනය කරගත යුතු දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                             ජය අංකය: 03

 

 

ධනු ලග්නය

ලැබීම් අතින් ඔබට ඉතාම යහපත් දිනයකි. කලා කටයුතු වලින් වඩාත් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි දිනයකි. තාක්ෂණික වැඩ කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. නමුත් කල්පනාකාරීව වැඩ කරන්න.  නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                  ජය අංකය: 04

 

මකර ලග්නය

කළා කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. මුදල් හැසිරවීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. අන් අය ඔබෙන් බොහෝ උදව් පතා එන දිනයකි. නමුත් කල්පනාකාරී වන්න. ව්‍යාපාර වැඩ කටයුතු වලට නම් බාධා පැමිණෙන දිනයකි. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා කහ පැහැය                                 ජය අංකය: 04

 

 

කුම්භ ලග්නය

වාග් ශක්තිය ඉතාම උසස් මට්ටමක පවතින දිනයකි. කතාවෙන් බොහෝ දේ ජයගත හැකි දිනයකි. ඉවසිලිවන්තව දිනය ගෙවන්න. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                ජය අංකය: 08

 

 

මීන ලග්නය

බොහෝ ශක්තීන් ඔබට ලැබෙන දිනයකි. සිතන පතන සෑම දෙයක්ම වගේ ඔබට සපුරාගත හැකි දිනයකි. සෑම අතින්ම ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා කහ පැහැය                                           ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post