News Line| Off Air| Games
Generic placeholder image

Jul
16

සම්පූර්ණ ගෝල ගණන 169 ක්, Yellow Card 219 ක්. මෙවර පාපන්දු ලෝක කුසලානයේ ඔබ නොදත් තොරතුරු මෙන්න.

924 Views


සම්පූර්ණ ගෝල ගණන 169 ක්, Yellow Card 219 ක්. මෙවර පාපන්දු ලෝක කුසලානයේ ඔබ නොදත් තොරතුරු මෙන්න.

පෙරළිකාර ක්‍රොඒෂියාව පරදා ප්‍රභල ප්‍රංශය ඊයේ FIFA ලෝක කුසලානය දිනා ගත්තා. මෙවර පාපන්දු ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයින් ගැන ගෙන ආවා. දැන් කියන්න යන්නේ 2018 පාපන්දු ලෝක කුසලානයේ තවත් ඔබ නොදත් තොරතුරු කිහිපයක් ගැන.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඇතුළුව සම්පූර්ණ තරඟ 64 ක් පවත්වලා තියෙනවා. රටවල් 32 ක් සහභාගී වුන මෙවර කුසලානයේ ගෝල 169 ක් වාර්තා වුණා. ඒ වගේම කහ කාඩ්පත් 219 ක් වාර්තා වෙලා තියෙනවා. හැබැයි රතු කාඩ්පත් අවස්ථා 4 ක් විතරයි මෙවර පාපන්දු ලෝක කුසලානයේදී වාර්තා වෙලා තියෙන්නේ. පන්දුව pass කිරීම් (PASSES COMPLETED) 49651 ක් 2018 පාපන්දු කුසලානයේදී වාර්තා වෙලා තියෙනවා.

වැඩිම ගෝල ගණනක් වාර්තා කල රට වෙන්නේ බෙල්ජියම. ඔවුන් මෙවර තරඟාවලියේ ගෝල 16 ක් ලබා ගෙන තියෙනවා. හොඳම ප්‍රහාරාත්මක රට (BEST ATTACKING TEAM) විදියට මෙවර තරඟාවලියේදී වාර්තා වෙන්නේ ක්‍රොඒෂියාව. හොඳම පන්දුව හුවමාරු කිරීම් කළ රට (BEST PASSING) විදියට එංගලන්තය නම් කරලා තියෙනවා.

ක්‍රොඒෂියාව හොඳම ආරක්‍ෂිත කණ්ඩායම (BEST DEFENDING TEAM) විදියට මෙවර වාර්තා අතරට ගියා. ක්‍රොඒෂියාවේ Ivan Perisic වැඩිම දුර ප්‍රමාණයක් ආවරණය කල ක්‍රීඩකයා (MOST DISTANCE COVERED) විදියට වාර්තා වුණා. ඔහු කිලෝමීටර් 72 ක් දුර ප්‍රමාණයක් ආවරණය කරලා තියෙනවා. වැඩිම ගෝල ප්‍රමාණයක් ආරක්ෂා කළ ක්‍රීඩකය බෙල්ජියමේ Thibaut Courtois. ඔහු අවස්ථා 27 කදී ගෝල ලබා ගැනීම් වළක්වලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post