News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

චන්දිමාල්ගේ ශතකය ලංකාවේ නම්බුව රැක ගනී. – Photo

893 Views


චන්දිමාල්ගේ ශතකය ලංකාවේ නම්බුව රැක ගනී. – Photo

සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟය ඊයේ ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්තේ දිනේෂ් චන්දිමාල්. මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.

ඊයේ ටෙස්ට් වරම් ලබා ගත්ත මහේල උඩවත්ත ලකුණු නොලබා දැවී ගියා. කුසල් ජනිත් ලකුණු 32 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් ලබා ගත්තා. එක අන්තයක තනි වුන නායක චන්දිමාල් හුදකලා සටනක් දියත් කරා. ඔහු නොදැවී ලකුණු 119 ක් ලබා ගත්තා. ව 4 පහර 10 ක් සහ 6 පහරක් සමඟ.

ලංකාවේ පළවෙනි ඉනිම සුනු විසුනු කරන්න ගේබ්‍රියල් සහ රෝච් සමත් වුණා. ගේබ්‍රියල් කඩුලු 5 ක් දවා ගත්තා. රෝච් කඩුලු 4 යි. ලකුණු 253 කදී ශ්‍රී ලංකා පළවෙනි ඉනිම නිමා වුණා.

ඊයේ දවසට තරඟය නතර කරද්දී කොදෙව්වන් පළවෙනි ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 2 ක් ලබා ගෙන හිටියා.

https://youtu.be/M1J6O2vGjII


News Articles
Latest Videos
Most Popular Post