News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

5G වේග වාර්තා තබන දුරකථන ජාලයන් අතර නවතම තතු මෙන්න

1828 Views


5G වේග වාර්තා තබන දුරකථන ජාලයන් අතර නවතම තතු මෙන්න

5G සමග අප රටට තවමත් හරියාකාර අත්දැකීමක් නැති වුවත් බොහෝ දෙනා මෙම තාක්ෂනය පිලිබඳ බෙහෙවින් උනන්දුය.දැනටමත් මෙම තාක්ෂනය බොහෝ රටවලට ලැබී ඇති අතර එය  බ්‍රෝඩ්බෑන්ඩ් වලට වඩා වේගවත් වීම විශේෂය. නමුත් සෑම කෙනෙකුටම සෑම රටකටම තවමත් එය ලබා ගත නොහැක. ඔපෙන්සිග්නල් තම නවතම වාර්තා මගින් හෙළි කල 5G පරිශීලක ජාලයන්ගේ වේග වාර්තාවන් දැක ගත හැක්කේ මෙසේයි.

එම වාර්තාවෙන් 2020 ජනවාරි 31 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ ප්‍රාන්ත, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානියේ 5G අත්දැකීම් නිරීක්ෂණය කර තිබෙනවා. එක්සත් රාජධානියේ වෙරිසොන්, ස්ප්‍රින්ට්, ටී-මොබයිල් සහ ඒටී ඇන්ඩ් ටී, වොඩාෆෝන් සහ ඊ.ඊ. දකුණු කොරියානු ජාල තුනක්, (LG U +, SK Telecom සහ KT) සහ ඕස්ට්‍රේලියාවේ ටෙල්ස්ට්‍ යන ජාල මෙසේ අධ්‍යනය කර තිබෙනවා.

ක්‍රියාකරුවන් 10 දෙනෙකු අතර, 5G බාගැනීම්වල සාමාන්‍ය වේගය විශාල වශයෙන් වෙනස් වී තිබෙනවා. වේගයේ වෙනස්කම් බොහෝ විට 5G වර්ණාවලීක්ෂය (5G spectrum) භාවිතා කිරීම නිසා සිදු වී ඇත.. 4G වෙතින් නැවත ප්‍රතිනිර්මාණය කරන ලද ලෝ-බෑන්ඩ් වර්ණාවලියක් (low-band spectrum) භාවිතා කළ ක්‍රියාකරුවන්ට විශිෂ්ට ආවරණයක් තිබුණද වේගය මන්දගාමී වී තිබෙනවා.. ටී-මොබයිල් තත්පරයට මෙගාබිට් 47 ක් (Mbps) සහ ඒටී ඇන්ඩ් ටී තත්පරයට මෙගාබිට් 62.7 ක වේගයක් පෙන්වා තිබෙනවා.

වේගය අනුව වඩාත්ම සිත් ගන්නා සුළු දෙය නම්, මිඩ්-බෑන්ඩ් වර්ණාවලිය (mid-band spectrum) භාවිතා කරන ක්‍රියාකරුවන් හය දෙනා අතර විශාල වෙනස්කම් ඇති බවයි. LG U + 238.7 Mbps වේගයකින් ඉහළට පැමිණ ඇති අතර ස්ප්‍රින්ට් 114.1 Mbps සහ බ්‍රිතාන්‍ය ජාලය වන වොඩාෆෝන් 122.1 Mbps වේගයක් ලබබින් මදක් වැඩි අගයක සිටිනවා.

එමෙන්ම වේගවත්ම ජලය වන වෙරිසොන් වේගවත් බව දන්නා නමුත් ලෝ හා මිඩ්-බෑන්ඩ් වර්ණාවලියට තරම් ළඟා විය නොහැකි mm Wave වර්ණාවලිය පමණක් භාවිතා කරන ජාලයකි. 5G මත එහි සාමාන්‍ය බාගත කිරීමේ වේගය විශිෂ්ටය එනම්  506.1 Mbps වේගයක් වෙරිසොන් වාර්තා කරයි.


News Articles
Latest Videos
Most Popular Post