News Line| Off Air| Games
Generic placeholder image

Oct
12

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය රොකට්ටුවක් හදිසියේ කඩා වැටෙයි. – Video / Photo

582 Views


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය රොකට්ටුවක් හදිසියේ කඩා වැටෙයි. – Video / Photo

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇමෙරිකානු හා රුසියානු අජටාකාශගාමීන් දෙන්නෙක් අරගෙන යමින් තිබ්බ රොකට්ටුවක් හදිසියේ ගොඩ බස්වලා තියෙනවා. මේ විදියට හදිසියේ ගොඩබස්වලා තියෙන්නෙ රුසියාවේ නිෂ්පාදනය කරපු සොයුස් (Soyuz) කියන රොකට්ටුවයි. හදිස්සියේම මේක ගොඩබස්වලා තියෙන්නෙ කාර්මික දෝෂයක් නිසයි.

කසකස්ථානයේ ඉඳලා ගුවන් ගත කරපු මේ රොකට්ටුව තත්පර 90 ක් වගේ පොඩි කාලයකදි දෙවෙනි අදියරේ වේග ප්‍රවේශය ලබා ගන්නකොට දෙදරීමක් ඇතිවෙලා තියෙනවා. රොකට්ටුව ඇතුලෙ හිටපු අජටාකාශගාමීන් දෙන්නා ඊට පස්සෙ හදිසි ගොඩබෑමේ ආධාරකය ක්‍රියාත්මක කරලා තියෙනවා.

ප්‍රධාන රොකට්ටුවෙන් මිදුණ අජටාකාශගාමීන් දෙන්නා අරගෙන සොයුස් රොකට්ටුව ගුවන් ගත වුණ කසකස්ථානයේ බයිකොනුර් රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයේ ඉඳලා සැතපුම් 100 ක් උතුරට වෙන්න ගොඩ බැහැලා තියෙනවා.

නාසා සහ රුසියානු අභ්‍යවකාශ ආයතන වල නියෝජිතවරු ඉක්මනින්ම ඒ ස්ථානයට

ඇවිත් අජටාකාශගාමීන් දෙන්නව නිරුපද්‍රිතව පිටතට අරගෙන තියෙනවා. ඒ දෙන්නගෙම තත්ත්වය යහපත් කියලා තමයි නාසා ආයතනය නිවේදනය කළේ.

මෙහෙම ඇති වුණ හදිසි තත්ත්වය ගැන නිවේදනයක් නිකුත් කරමින් රුසියානු අභ්‍යවකාශ ආයතනය කිව්වෙ ඉදිරි විමර්ශන කටයුතු කරනකල් මිනිසුන් අරගෙන යන අභ්‍යාවකාශ යානා කක්ෂගත කරන එක නතර කරපු බවයි.


News Articles
Latest Videos
Most Popular Post