News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

ඇෆ්ගනිස්ථානය, ඉන්දියාවට ක්‍රිකට් උගන්වයි. – Photo

2176 Views


ඇෆ්ගනිස්ථානය, ඉන්දියාවට ක්‍රිකට් උගන්වයි. – Photo

ආසියානු කුසලානේ තීරණාත්මක තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සහ ප්‍රභල ඉන්දියාව අතර. තරඟයේ ආරම්භයේ පටන්ම ක්‍රිකට් විචාරකයින් කිව්වේ මේ තරඟය ඉන්දියාව උඩින්ම දිනනවා කියලා. හැබැයි ක්‍රිකට් විචාරකයින්ට වගේම ඉන්දීය කණ්ඩායමටත් කටඋත්තර නැති කරන්න ඇෆ්ගන් ක්‍රීඩකයින් සමත්වුණා.

කාසියේ වාසිය දිනා ගත්ත ඇෆ්ගනිස්ථානය මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. මොහොමඩ් ශසාඩ් එක අන්තයක ඉතිරි වෙද්දී ඇෆ්ගන් මුල්පෙළ ඉක්මනටම බිඳ වැටුණා. හුදකලා ඉනිමක් ක්‍රීඩා කල මොහොමඩ් ශසාඩ් ලකුණු 124 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 11 ක් සහ ඉන්දියාවට තරු පෙනුන 6 පහර 7 ක් ඇතුලත් වුණා.

මොහොමඩ් නබි වේගවත් ලකුණු 64 ක් ලබා ගත්තා. පන්දුවාර 50 අවසනයේ කඩුලු 8 ක් දැවී ලකුණු 252 ක් ලබා ගන්න ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමත් වුණා. ජඩේජා කඩුලු 3 යි. යාදව් කඩුලු 2 යි.

ජයග්‍රහණය හඹා ගිය ඉන්දියාවේ පළමුපෙළ සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. රාහුල් සහ රයුදු පළවෙනි කඩුල්ලට ලකුණු 110 ක සබඳතාවක් ගොඩනැගුවා. රාහුල් ලකුණු 60 යි. 4 පහර 4 ක් සහ 6 පහර 4 ක් සමඟින් රයුදු ලකුණු 57 යි. කාර්තික් ලකුණු 44 යි.

ඇෆ්ගනිස්ථානයේ සුපිරි පන්දු යැවීම හමුවේ මැද පෙළ අඩපණ වුණා. අවසන් පන්දුවාර 2 දී ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 13 ක් අවශ්‍ය වුණා. 19 පන්දුවාරයේදී ඉන්දියාවේ කඩුලු 2 ක් ගියා. අවසන් පන්දුවාරයේදී ඉන්දියාවට ලකුණු 7 ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණා. රෂිඩ් ඛාන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉන්දියාවට ඒ ඉලක්කය පහසු වුණේ නෑ.

අවසන් පන්දු 2 ට එක ලකුණක් විතරයි ඉන්දියාවට අවශ්‍ය වුණේ. ඒ එක කඩුල්ලක් විතරක් අතැතිව. හැබැයි අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී ජඩේජා දවාගෙන තරඟය සම කරන්න රෂීඩ් ඛාන් සමත්වුණා.

අෆ්තාබ් අලාම්, මොහොමඩ් නබි සහ රෂිඩ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගත්තා. තරඟයේ වීරයා මොහොමඩ් ශසාඩ්.


News Articles
Latest Videos
Most Popular Post