News Line| Off Air| Games
Generic placeholder image

Feb
22

මතුගම ටැප් වලින් පානීය ජලය වෙනුවට කසිප්පු.

1404 Views


මතුගම ටැප් වලින් පානීය ජලය වෙනුවට කසිප්පු.

ගෙදර තියෙන ටැප් එක අැරියම එන්නේ පිරිසිදු පානීය ජලයනේ. සමහර වෙලාවට මඩ වතුර ටිකක් එන්නත් පුළුවන්. එ් ජල පිරිපහදුවෙන් හරියට වතුර පිරිසිදු නොකරම. හැබැයි ඉතිං අප්පා මුත්තා කාලෙවත් අහලා තියෙනවද ගෙදර ටැප් එන අැරියම කසිප්පු එනවා කියලා.

වැලිපැන්න පොලිස් වසමට අයිති මතුගම මල්වතුකන්ද ප්‍රදේශයේ ගෙවල් වල ටැප් එක අැරියම කසිප්පු මිශ්‍ර ජලය අැවිත්. මේ නිසා එ් පැත්තේ මිනිස්සු ලොකු අර්බුදයකට මුහුණ දීලා. මේ නිසා එ් ප්‍රදේශයේ කුඩා ළමයින්ටත් පෙරේදා ඉදන් භාවිතා කරන්න වෙලා තියෙන්නේ කසිප්පු මිශ්‍ර ජලය.

නිවාස වලට ජලය සපයන ජලමූලාශ්‍ර පිහිටි ප්‍රදේශයේ කිසියම් පිරිසක් කසිප්පු නිශ්පාදනය කරනවා කියලයි ප්‍රදේශවාසීන් කියන්නේ. ජාවාරම්කරුවන් ජල ටැංකියට ගෝඩා මිශ්‍ර කරන්න අැති කියලයි සැක කරන්නේ. මේ සිද්ධිය ගැන පොලීසිය දැනටමත් පරීක්ෂණ අාරම්භ කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post