News Line| Off Air| Games
Generic placeholder image

Dec
23

අනිද්දා සිට වැසි සහිත කාලගුණය අඩුවෙයි

828 Views


අනිද්දා සිට වැසි සහිත කාලගුණය අඩුවෙයි

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය අනිද්දා සිට තාවකාලිකව අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඌව සහ උතුරුමැද පළාත්වලටත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වලට මිලිමීටර 50 ත් 75 ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින විට කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවලද පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post