News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

අද විදෙස්ගතවීමක් බලපරොත්තු වන ලග්නයකට ඉතා සුභයි. ඔබේ ලග්නයකට කොහොමද කියල මෙතනින් බලන්න.

582 Views


අද විදෙස්ගතවීමක් බලපරොත්තු වන ලග්නයකට ඉතා සුභයි. ඔබේ ලග්නයකට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුලි මස 12 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.49 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.42 සිට 03.08 දක්වා 
සුභ දිශාව: උතුර 

මේෂ ලග්නය

එඩිතරව කටයුතු කරන දිනයකි. ඔබේ කායික ශක්තිය මනාව පවතින දිනයකි. ක්‍රියාශීලිත්වය ඉතාම ඉහල දිනයකි. වෘත්තීය කටයුතු වලින් දියුණුවක්  අපේක්ෂා කළහැකි දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. නමුත් කල්පනාකාරී වීමද වැදගත් වන දිනයකි. නායකත්ව ගුණාංග  ඉස්මතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                              ජය අංකය: 03

වෘෂභ ලග්නය

කතාවෙන් අන් අයව ජයගත හැකි දිනයකි. එමෙන්ම වෙනදට වඩා ඔබව කැපී පෙනෙන දිනයකි. කතා විලාසය වෙනදට වඩා වෙනස්වන දිනයක් වන අතර කතාව නිසාම අන් අයගේ ආකර්ෂණය ලැබෙන දිනයකි. විතක්ෂනශීලිව කටයුතු කළහැකි දිනයකි. පින් දහම් රස්කරගනීමටද යොමුවන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් ලා තැඹිලි පැහැය                                                    ජය අංකය: 02

මිථුන ලග්නය

වඩාත් විමසිල්ලෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වන දිනයකි. නව නිර්මාණ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. ලිපි ලේඛන කටයුතු වලටද සුභ දිනයකි. සෑම දෙයක්ම ඉතාම හොදින් වටහාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 01

කටක ලග්නය

ගැඹුරු කල්පනාවෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. රැකියා කටයුතු ;වලදීද ප්‍රවේසම් විය යුතු දිනයකි. ඉවසීමෙන් කටයුතු කරන්න. මුදල් සම්බන්ධ කටයුතු වලදීද ප්‍රවේසම් වීමට වග බලාගන්න. වගකීම් නිසි ලෙස ඉටුකරන දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 03

සිංහ ලග්නය

පාලනයට සුභ දිනයකි. නායකත්ව ලක්ෂණ ඉස්මතු වන දිනයකි. අතිරේක ආදායම් මාර්ග ඇතිවන දිනයකි. අන් අය සමඟ සුහදව කටයුතු කළහැකි දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නමුත් පාලනයකින් යුතුව කටයුතු කරන්නට සිතට ගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අනතුරු වලින් ප්‍රවේසම් වීමට වග බලාගත යුතු දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                       ජය අංකය: 02

කන්‍යා ලග්නය

ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි. එමෙන්ම ක්‍රීඩා කටයුතු වලටද දස්කම් පෙන්වන දිනයකි. තම රැකියාවේ වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. ආදායම් තත්වයද සුභ වන දිනයකි. ඕනෑම සංකීර්ණ දෙයක් අන් අයට වදාට්ය්හ් සරලව කියාදිය හැකි දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු සම්පාදනය කරගන්න. ආදායම් තත්වයන් වැඩි දියුණු වන දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය                                                         ජය අංකය: 01

තුලා ලග්නය

කරුණාවෙන් යුතුව, ප්‍රසන්නව කටයුතු කළහැකි දිනයකි. දැහැමිව කටයුතු කරන්න. අලුතින් යමක් මිලදී ගැනීමටද අවස්ථාව ලැබෙන දිනයකි. විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබටද වඩාත් යෝග්‍ය දිනයකි. මහා පරිමාන ව්‍යාපාර වලට අවස්ථාව ලැබෙන දිනයකි. අන් අයට වඩාත් ප්‍රිය උපදවන ආකාරයෙන් කටයුතු කරන දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                          ජය අංකය: 09

වෘශ්චික ලග්නය

 

ජලය ආශ්‍රිතව ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. හදිසි අනතුරු වලින්ද ප්‍රවේසම් වීමට වගබලාගන්න. ඔබේ සතුරු කරදර ඉවත්ව යන දිනයකි. ධාර්මිකව කටයුතු කිරීමටද ප්‍රිය කරයි. අවංකව තම කටයුතු කරගෙන යන්න. නිසි සැලසුම් මත දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය                                         ජය අංකය: 08

ධනු ලග්නය

උසස් තර්ක ශක්තියක් පවතින දිනයකි. පවුලේ සමගිය ඇතිවන දිනයකි. එමෙන්ම අන් අය පාලනයට අවශ්‍ය ශක්තිය පවතින දිනයක් වන අතර ඔවුන්ගේ දුකේදී පිහිට වීමට ඉදිරිපත් වන දිනයකි. මනා ජීවිතයකට අවශ්‍ය දේවල් සැලසෙන දිනයකි. කලබලයකින් තොරව කටයුතු කිරීමට වගබලාගත යුතු දිනයකි.  ගැටළු විසදාලීමට වැඩි දස්කමක් දක්වන දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා ගුරු පැහැය                                 ජය අංකය: 07

මකර ලග්නය

ආර්ථික ප්‍රශ්න අවම වන දිනයකි. අතිරේක ආදායම් මාර්ග හා ව්‍යාපාර වලටද යොමුවන දිනයකි. කලට වෙලාවට ආහාර ගැනීමටද වග බලාගන්න. නව ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. සරලව කටයුතු කිරීමට ප්‍රිය කරන දිනයකි. අලුතින් යමක් මිලදී ගැනීමටද සුභ දිනයකි. සුභ මංගල යෝග පවතින දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                       ජය අංකය: 06

කුම්භ ලග්නය

අතපසු වුනු සියලුම වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුභ දිනයකි. කෞතුක භාණ්ඩ වලට වැඩි කැමැත්තක් දක්වන දිනයකි. ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු වල සුභ දිනයකි. වෙලාවට අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වැඩ කරන්න. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. සියලුම කලා කටයුතු වලටද සුභ දිනයකි. ඉවසීමෙන් කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ගත කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                        ජය අංකය: 05

මීන ලග්නය

නිවසේ තිබෙන යම් යම් ගැටළු නිරාකරණය කරගත හැකි දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. නිරෝගී මනසක් ඇතිවන දිනයකි. ඔබේ  අදහස් උදහස් වල දියුණුවක් ඇතිවන දිනයකි. අන් අයව මනාව තේරුම් ගත හැකි දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයකි. එමෙන්ම ඔබේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වන්න. දාන මාන කටයුතු වලටද වැඩි කැමැත්තක් දක්වන දිනයකි. අන් අයව මනාවට තේරුම් ගන්න දිනයකි. ආර්ථික ශක්තිය වඩාත් තීව්‍ර විය හැකි දිනයකි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                             ජය අංකය: 04
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829
 


News Articles
Latest Videos
Most Popular Post