News Line| Off Air| Games
Generic placeholder image

Jul
14

අද එක ලග්නයක් කාන්තාවන් සමඟ කටයුතු කිරීමේදී පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

524 Views


අද එක ලග්නයක් කාන්තාවන් සමඟ කටයුතු කිරීමේදී පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුලි  මස 14 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 09.09 සිට 10.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස  09.23 සිට 10.50 දක්වා
සුභ දිශාව: උතුර  
මරු සිටින දිශාව: නැගෙනහිර 

මේෂ ලග්නය

ඔබගේ වැඩ කටයුතු වලට නොසිතූ බාධා ඇතිවෙන්න පුලුවන්.හදිසි තීන්දු තීරණ ගැනීමෙන්,එකට එක කිරීමට යාමෙන් වලකින්න.ඉවසිලිවන්තව තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කරන්න.ඔබගේ තරාතිරම අනුව ගෞරවය හිමිවන දවසක්.ස්වයං රැකියා සාර්ථක වන රැකියා අපේක්ෂා,විදෙස් ගමන් සිහින සැබෑවන දවසක්.
ජය වර්ණය ලා රෝස පැහැය.
ජය අංකය: 03

වෘෂභ ලග්නය

පැවති බාධක දුරුවී මානසික සහනය අත්වන දවසක්.හිතවතුන්ගේ ආධාර උපකාර හිමිවී රැකියා කටයුතු සාර්ථක වේවි.කලකට පසුව ඔබේ දැනුමට ශ්‍රමයට නිසි වටිනාකමක් හිමිවන දවසක්.වංචා ප්‍රයෝග වලට හසුවීමට ඉඩ ඇති බැවින් සැලකිලිමත්වෙන්න.කෙසේවුවත් සියලු බාධක මැඩගෙන ඉදිරියට යා හැකි දවසක්.
ජය වර්ණය ක්‍රීම් පැහැය
ජය අංකය: 04

මිථුන ලග්නය

සතුරු බාධක නැතිවී කා අතරත් හොද හිත වර්ධනය වී ,ගෞරවය හිමිවී ,කා අතරත් හොද හිත දිනාගනිමින් කටයුතු කල හැකි දවසක්.අධ්‍යාපන කටයුතුවල නිරත අයට වඩා යහපත්,විදෙස් ගමන් බලාපොරොත්තුවෙන සිටි අයට සුභ පණිවිඩ අසන්නට ලැබේවි.මංගල යෝගකාරක දිනයක්.
ජය වර්ණය ලා කොළ පැහැය
ජය අංකය: 05

කටක ලග්නය

මිල මුදල් අතින් තිබූ අපහසුතාවයන් දුරුවී ආර්ථික ශක්තිය ඇතිවන දිනයක්.නමුත් අනවශ්‍ය දේ සදහා මුදල් වියදම් වේවි.සතුරු කරදර බාධා තිබුනානම් ඒවා දුරුවී,ශරීර සෞඛ්‍ය යහපත්වන දවසක්.අලුත් යමක් ඉගෙන ගන්න ව්‍යාපාරයක් ආරම්භ කරන්න වඩාත් යහපත්.ඉඩමක් වාහනයක් මිලදීගන්න බලපොරොත්තුවෙන් සිටියානම්  ඒ සදහා වඩාත් සුදුසු දවසක්.විවාහ ප්‍රමාද වූ අයට මංගල යෝග උදාවේවි.
ජය වර්ණය තැබිලි පැහැය
ජය අංකය අංක: 06

සිංහ ලග්නය

සතුට ප්‍රීතිය ගෙදර දොර වාසනාව උදාවන දවසක්.ශරීර සෞඛ්‍ය යහපත් වේවි.ආදායම් තත්ත්වය යහපත් වන දවසක් .සතුරු බල යටපත් වී යටපත්වී සතුරන් මිතුරන් බවට පත් වෙන දවසක්.ඔබගේ වටිනාකම වැඩි වන අතර තරාතිරම අනුව ප්‍රසිද්ධියට පත් වේවි.සිත් තැවුල් අවම වී තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කළ හැකි දවසක්.
ජය වර්ණය ලා රතු පැහැය.
ජය අංකය: 02

කන්‍යා ලග්නය

බලාපොරොත්තු වූ ආකාරයට කරුණු කාරණා ඉටු වන සිතේ සතුට ඇති වන දවසක්.යම් යම්කිසි ප්‍රමාද වූ ගනුදෙනුවක් ඔබට නැවත ලැබේවි.උසස් අය සමඟ කරන ගනුදෙනු වලදී සැලකිලිමත්ව කටයුතු කරන්න.අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කරන්නට වගකීමක් පැවරෙන දවසක්.ප්‍රිය සම්භාෂණ සඳහා එකතු වන්නට ඒ සඳහා මුදල් වියදම් කරන්නට සිදුවේවි.
ජය වර්ණය ළා කොළ පැහැය.
ජය අංකය: 05

තුලා ලග්නය

සමාජයේ හොඳ නම හිමි වන, පිරිස් බලය වැඩිවන දවසක්.අලුත් ඇඳුම් හිමිවේවි උත්සව අවස්ථා සඳහා සහභාගී වන්නට අවස්ථාව ලැබේවි.මැණික් ව්‍යාපාරිකයන්ට යහපත් කාල වකවානුවක්.නඩුහබ වලින් ජයග්‍රහණය හිමි වේවි.ඔබ කුමන තරාතිරමක පුද්ගලයෙක් වුවත් නින්දා අපහාස ලැබීමට ඉඩ තිබෙන නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න.ඔබගේ හොඳ හිත නිසා අභියෝග ජයගෙන ඉදිරියට යා හැකි දවසක්.
ජය වර්ණය රෝස පැහැය
ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

අලුත් මිතුරු මිතුරියන් හමු වුණ දවසක්.ඔබේ නිර්මාණශීලී  ගතිය සහ කරන වැඩේ හරියට කිරීම නිසා කා අතරත් කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත් වේවි.නොමග යන්නට රැවටීම්වලට හසු වෙන්නට ඉඩ තිබෙන නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න.අඹුසැමියන්ට ඉතා සතුටින් යුතුව කාලය ගත කරන්නට ගත කරන්නට අවස්ථාව හිමි වේවි.මානසික පීඩා සිත් තැවුල් ඇති වන්නට පුළුවන් නීතිමය ප්‍රශ්න වලින් ඈත්වී සිටීමට ප්‍රඥා ගෝචර වන්න.
ජයග්‍රාහී වර්ණය ලා නිල් පැහැය
ජය අංකය: 03

ධනු ලග්නය

පසුගිය කාල වකවානුවේ කාලවකවානුවේ යම්කිසි යම් කිසි ගැටළුකාරී තත්වයක් තිබුණා නම් එයින් අත්මිදීමට හැකි වේවි .වගකීම් පැවරෙන දවසක්.නව අදහස් නව සිතුවිලි පහළ වන දවසක් විවාහ ප්‍රමාද වන අයට මංගල යෝග උදා වේවි .පින් දහම් කටයුතුවල යෙදීමට සිත යෙදෙන දවසක්.අඹුසැමියන් අතර සමගියට බාධා ඇති වෙන්න පුළුවන් සැලකිලිමත්ව කටයුතු කරන්න.
ජය අංකය: 09

මකර ලග්නය

සතුරු බල බිඳී තම බලය තහවුරු වන දවසක්. විවාහ ප්‍රමාද වූ අයට මංගල යෝග උදා වේවි.ගෙදර දොර ප්‍රීතිය ඇති වන අතර සමාජයට ප්‍රිය ජනක පුද්ගලයෙකු බවට පත් වේවි.පැවති කරදරයකින් මිදීමට සුදුසු වටපිටාවක් සැකසේවි.ස්ථාන මාරු බලාපොරොත්තු වන අයට යහපත් ප්‍රතිචාර හිමි වේවි.අස්ථාන චෝදනා වලට ලක් නොවීමට වග බලා ගන්න.උසස් බුද්ධිමත් අයගේ උදව් උපකාර හිමි වේවි.
ජය අංකය: 08

කුම්භ ලග්නය

ඔබ නොසිතූ අයුරින් සියලු බාධක ජය ගැනීමට හැකිවන දවසක්. වගකීම් සහිත වැඩකටයුතු රාශියක් ඔබට පැවරේවි.ව්‍යාපාර කාටයුතු,විභාග, සම්මුඛ පරීකශන ආදියෙන් ජය ගත හැකි දවසක්. සහතික නම්බු නාම හිමි වීමට අවශ්‍ය පරිසරය සකස් වේවි.ඔබගේ හිතුවක්කාරකම නිසා යම් යම් ගැටලු පැන නගින්නට පුලුවන්.
ජය වර්ණය විසිතුර පැහැය
ජය අංකය: 09

මීන ලග්නය

කාන්තා පාර්ශවයේ උදවිය සමග ගනුදෙණු කිරීමේදී සැලකිලිමත් වෙන්න. කේලාම් ඕපා දූප නිසා හොද නම නරක් වෙන්න පුලුවන්.ආමාශගත අසනීප නිසා අපහසුතාවයට පත්වන්නට සිදුවේවි.වාද විවාද මත ගැටුම් වලට යන්නට එපා.කරන කියන රැකියා කටයුතුවලට බාධා මතුවෙන්න පුලුවන්.
ජය වර්ණය ලා රතු පැහැය
ජය අංකය: 05


News Articles
Latest Videos
Most Popular Post