News Line| Off Air| Games
Generic placeholder image

Apr
21

ලෝකයේ වැඩිම ආදායම් ලබන DJ වරුන් 05 අතරින් එක් අයෙක් ජිවිතයෙන් සමුගනියි. හේතුව තවමත් අභිරහසක්.

947 Views


ලෝකයේ වැඩිම ආදායම් ලබන DJ වරුන් 05 අතරින් එක් අයෙක් ජිවිතයෙන් සමුගනියි. හේතුව තවමත් අභිරහසක්.

Electronic Dance Music (EDM) කියන කෙටි නමෙන් හඳුන්වන සංගීත කලාව ඇමරිකාව ඇතුළුව බටහිර පුරාම ජනප්‍රියත්වයට පත් වුන සංගීත කලාවක්. මේ වෙද්දී ලංකාවෙත් EDM සංගීතය ජනප්‍රිය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම සමාජ ශාලා වල සහ උත්සව අවස්ථා වලට සංගීතයෙන් සහය වෙන DJ වරුන් මේ සංගීතයත් විටින් විට යොදා ගන්නවා.

එත් අද අපිට EDM සංගීතය ගැන කියන්න වෙන්නේ, මේ සංගීත කලාවට විශේෂත්වයක් වුන කෙනෙක්ගේ අකල් වියෝවත් එක්ක. ඔහුව හැමෝම දැනගෙන හිටියේ DJ Avichi කියන නමෙන්. ලෝකයේ වැඩිම ආදායම් ලබන DJ වරුන් 05 අතර ඔහු හිටියා. ස්වීඩන් ජාතිකයෙකු වුන ඔහුගේ ඇත්තම නම වුනේ ටීම් බර්ග්ලින්. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 28ක් වුනා. මේ වෙනකොට ඕමාන් වලදී ඔහු මිය ගිහින් පැය කිහිපයක් ගතවුනත්, මරණයට හේතුවක් තාමත් හොයාගෙන නැහැ.

මේ තියෙන්නේ ඔහු නිර්මාණය කල ගීත කිහිපයක්….

https://youtu.be/1ZFK3VKzQIs


News Articles
Latest Videos
Most Popular Post