News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

බොලීවියාව අප්‍රේල් 15 දක්වා වසා දැමේ

545 Views


බොලීවියාව අප්‍රේල් 15 දක්වා වසා දැමේ

මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ ලොව පුරා රටවල් ගණනාවක් මේ වන විට සම්පුර්නයෙන්ම වසා දමා තිබෙනවා. ඒ අතරට අද එක්වුණු නවතම රට වන්නේ බොලිවියාවයි.

ඊයේ මැදියම් රැයේ සිට බල පැවැත්වෙන පරිදි එරට අන්තර්වාර ජනපතිවරයා විසින් බොලිවියාව සම්පුර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශ සිමා වසා දමමින් කිසිදු අයෙකුට රටට ඇතුළුවීමත් රටින් පිටවිමත් තහනම් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම සදහා වයස 18 -65 අතර නිවෙසේ එක් පුද්ගලයෙකුට සතියේ නම් කරන ලද එක් දිනක් තුල අදාල වෙළදපොලට යෑමට අවසර ලබා දී තිබෙන අතර එදිනට පමණක් නිවසින් පිටතට යාමට අවස්ථාව දී තිබෙනවා.

බොලිවියාව තුල කොරනා වෛරසය අසාදනය වීමෙන් 39 ක් දෙනෙක් හදුනාගෙන තිබෙන අතර කිසිදු මරණයක් වාර්තා වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post