News Line| Off Air| Games
Generic placeholder image

Dec
6

පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිස‌මෙන් යළිත් නඩු පවරයි

614 Views


පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිස‌මෙන් යළිත්  නඩු පවරයි

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩුවක් පැවරුවා.

2014 වසරේ මැයි මස 21 දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් මාරවිල පිහිටි ගම්බද කේටර්ස් නමැති සමාගමට ගෙවන ලෙස ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවිම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව මීට පෙර නඩුවක් පවරා තිබුණු අතර මෙම නඩුව ඉකුත්දා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණය දන්වා සිටියේ මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව හෙයින් නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දී පසුව විත්තිකාර පියංකර ජයරත්න මහතා නිදහස් කිරීමට ද නියම කර තිබුණා. ඒ අනුව ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද යළි නඩු පවරන ලදී.


News Articles
Latest Videos
Most Popular Post