News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

බුකිය කැලඹු චාමර ඉල්ලා අස්වෙයි. පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්.

2393 Views


බුකිය කැලඹු චාමර ඉල්ලා අස්වෙයි. පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විදුහල්පතිවරියක් දණ ගැස්සුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ අදාල පරීක්ෂණය අපක්ෂපාති ලෙස සිදු කල යුතු බවට ජනාධිපතිතුමා දැනුම් දුන් බවයි.

ඒ සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සියලූ කටයුතු ඌව පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කරගන්නා ලෙසයි ජනාධිපතිතුමා දැනුම් දී ඇත්තේ.
ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාල පරීක්ෂණ වාර්තාවේ සඳහන් කෙරෙන ඕනෑම නීතිමය ක‍්‍රියාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙසයි.

මේඅතර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විදුහල්පතිවරියක් දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වාර්තාවක් කැඳවා තිබෙනවා.

අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ, පළාත්සභා පාසලක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ඍජුව පියවරක් ගත නොහැකි වුව ද, රේඛිය අමාත්‍යාංශයට ගත හැකි පියවර පිළිබඳව සොයා බලා කටයුතු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද ද තීරණය කර තිබෙනවා. අදාළ සිදුවීම සම්භන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ලද වහාම පරීක්ෂණයක් ආරම්භ කරන බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධාක‍්‍රිෂ්ණන් මහතා පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමද ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

විදුහල්පතිනිය දණ ගැස්විමේ සිදුවීම පිළිබද විදිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි ගුරු සංගම් සඳහන් කලේ. ඔවුන් කියා සිටියේ එසේ නොමැති වුවහොත් දැවැන්ත ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

පීඩාවට පත් විදුහල්පතිවරිය පසුගියදා සිද්ධිය සම්බන්ධ සත්‍ය කරුණු සියල්ල ප‍්‍රකාශයට පත්කලා.විදුහල්පතිවරිය කියාසිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින තමාට බැණ වැදී පීඩාවට පත්කර දණ ගැස්වු බවයි. ඉන්පසු සත්‍ය වසන් කරන්න යැයි තර්ජනය කරමින් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලූ පිරිස විසින් ඒ සඳහා තමාට මුදල් ලබා දුන්බව ද විදුහල්පතිවරිය ප‍්‍රකාශ කලා.

කෙසේ වෙතත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසන්නේ, තමන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි.
තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධ පරීක්ෂණ අවසන්වන තෙක් ඔහු පළාත්සභා අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post