News Line| Off Air| Games
Generic placeholder image

Dec
4

අල්ලස් ගත් හලාවත සහකාර පොලිස් අධිකාරි යලි රක්ෂිත බන්ධනාගාරයට

510 Views


අල්ලස් ගත් හලාවත සහකාර පොලිස් අධිකාරි යලි රක්ෂිත බන්ධනාගාරයට

රුපියල් එක් ලක්ෂ 90,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මේ මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාට ඇප ලබාදෙන මෙන් ඉල්ලීමක් කළ අතර ඒ සම්බන්ධයෙන් නියෝගය එදිනට ලබාදෙන බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.

හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් නැතිවූ වාලම්පුරි දෙකක් සොයාදීම සඳහා එහි භාරකාරියගෙන් රුපියල් ලක්ෂ 2ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් එක්ලක්ෂ 90,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට යාමේදීයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මොහු අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම පැමිණිලිකාරිණියට මරණ තර්ජන ඇති බවට පොලිසියට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බව අල්ලස් කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post