News Line| Off Air| Games
Generic placeholder image

May
21

චීනයේ බෝම්බ ප්‍රහාරක යානා පළමු වරට දකුණු චීන මුහුදේ යුධ අභ්‍යාසයක. විරෝධය දක්වන්න ඇමෙරිකාවත් ප්‍රහාරක යාත්‍රා පිටත් කර යවයි.

1601 Views


චීනයේ බෝම්බ ප්‍රහාරක යානා පළමු වරට දකුණු චීන මුහුදේ යුධ අභ්‍යාසයක. විරෝධය දක්වන්න ඇමෙරිකාවත් ප්‍රහාරක යාත්‍රා පිටත් කර යවයි.

ඇමෙරිකාව පරදා ලෝක බලවතා වෙන්න හදන රටක් තමයි චීනය කියන්නේ. ආර්ථික අතින් සහ යුධමය අතින් ඇමෙරිකාවට බලපෑම කරන්නත් පුළුවන් චීනයට. චීනය පහුගිය දා කරපු වැඩක් නිසා ලෝක බලවතුන් කලබල වෙලා තියෙනවා.

චීනයේ බෝම්බ ප්‍රහාරක යානාවක් පහුගිය දා දකුණු චීන මුහුදේ දූපතක ගොඩබෑවා. ඒ යුධ අභ්‍යාසයක් සඳහා. පැරසල් (Paracel) දූපත් සමූහයේ පිහිටි විශාලතම දූපතේ H-6K යානය ගොඩබාලා තිබ්බේ. ඒ දූපතේ ඉදන් දකුණු ආසියාවේ ඕනෑම රටකට පියාසර කරන්න මේ යානයට පුළුවන්.

ඉතා නුදුරු අනාගතයේදීම බෝම්බ ප්‍රහාරක යානා දකුණු දිග ස්ප්‍රැට්ලි (Spratly) දූපත් සමූහය වෙතද පියාසර කරයි කියලා විශ්ලේෂකයෝ අනුමාන කරනවා. ස්ප්‍රැට්ලි දූපතේ ධාවන පථය නිර්මාණය කරලා තියෙන්නේ කොරල් පර උඩ වීම විශේෂත්වයක්. මේ දූපතේ ඉඳන් උතුරු ඔස්ට්‍රේලියාව වෙත හෝ එක්සත් ජනපද හමුදා සිටින ගුවාම් දුපත වෙතද පියාසර කරන්න පුළුවන්කම තියෙනවා.

චීනයේ මේ ක්‍රියාව නිසා කලාපයේ අස්ථාවර බාවයක් ඇති වෙනවා කියලා ඇමෙරිකාව චෝදනා කරනවා. ඒ වගේම චීනය විසින් නිර්මාණය කරන ලද කෘතිම දූපත් පිහිටි දකුණු දිග මුහුදට ඇමෙරිකාව ප්‍රහාරක යාත්‍රා පිටත්කර යවලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post