News Line| Off Air| Games
Generic placeholder image

Jun
4

ලොව පුරා කොවිඩ් මරණ ගණන ලක්ෂ 4කට ආසන්න වෙයි

413 Views


ලොව පුරා කොවිඩ් මරණ ගණන ලක්ෂ 4කට ආසන්න වෙයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට හැටපන්ලක්ෂ හැට හත්දහස ඉක්මවා ගොස් තිබේ.

වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූ හත්දහසකට අධිකයි. ගත වූ පැය 24 තුළත් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්ය. එම සංඛ්‍යාව 1,269 කි.

එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 32,568 කි.බ්‍රසීලයෙන් ආසාදිතයන් 584,562 ක් හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත් තවමත් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්ය. එම සංඛ්‍යාව 1,901,783 කි.

ගත වූ පැය 24 තුළ අමෙරිකාවේ නව මරණ 1083 ක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව 109,142 දක්වා ඉහළ දමමින්ය


News Articles
Latest Videos
Most Popular Post