News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

චීනයේ සෞඛ්‍ය සේවකයින් 1700 කට කොරෝනා වැළදෙයි

1125 Views


චීනයේ සෞඛ්‍ය සේවකයින් 1700 කට කොරෝනා වැළදෙයි

චීනයේ සෞඛ්‍ය සේවකයින් 1700කට අධික පිරිසක් කොවිඩ්නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ආසාදනයට ලක්ව ඇති බව එරට සෞඛ්‍ය අංශය පවසනවා.

පසුගිය 11 වනදා වන විට සෞඛ්‍ය සේවකයින් 1716 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සේවකයින් 06 දෙනෙකු මියගොස් ඇති බව ඔවුන් පැවසුවා.

ඉන් 1500 දෙනෙකු හුබෙයි පළාතෙන් වාර්තා වී තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා පියවර ගෙන ඇති අතර ඔවුන්ට විවේක ගැනීමට මෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන ආරක්ෂිත උපකරණ ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මීට අමතරව චීනයේ සෞඛ්‍ය සේවකයින් සඳහා දෛනික දීමනා ලබා දීමට ද ඉදිරියේ දී අපේක්ෂා කරන බව චීනයේ මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post