News Line| Off Air| Games
Generic placeholder image

Feb
18

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 1874 දක්වා ඉහළට

641 Views


කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 1874 දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1874 දක්වා ඉහළ ගොස් තිබෙනවා.එමෙන්ම ආසාදිතයන්ගේ සංඛ්‍යාව 73,336 ක්. ඉන් 72,438 ක් වාර්තා වන්නේ චීනයෙන්.

ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් මගී නෞකාවේ වෛරසය ආසාදිතයන් 454 දෙනෙකු සිටින බවට වාර්තා පළවූ අතර, එය චීනයෙන් පිටත වාර්තාවන ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව වනවා.

එම නෞකාවේ ශ්‍රී ලංකාවේ දෙදෙනෙකු ද සේවය කරන අතර, ඔවුන් දෙදෙනා නිරෝගී තත්ත්වයෙන් පසුවන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළා.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සියයට 80 කටම සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර ඔවුන් නියත වශයෙන් සුවය ලබනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post