News Line| Off Air| Games
Generic placeholder image

Oct
11

දඹුල්ල තරඟය වැස්සට හේදුනේ ක්‍රීඩාංගණ නිලධාරීන්ගේ වරදින්ද?

1738 Views


දඹුල්ල තරඟය වැස්සට හේදුනේ ක්‍රීඩාංගණ නිලධාරීන්ගේ වරදින්ද?

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළවෙනි එක්දින තරඟය ඊයේ වැස්සට හේදිලා ගියා. තරඟය පැවැත්වුණේ දඹුල්ලේදී. පන්දුවාර 15 ක් විතරයි ඊයේ දවසටම ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ.

මුලින්ම පන්දුවට පහර දුන්න එංගලන්ත කණ්ඩායම තරඟය අත්හරිද්දී කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා ගෙන හිටියා. පැය කිහිපයක් පුරා වැස්ස ඇද හැලුන නිසා ජලය විශාල ප්‍රමාණයක් ක්‍රීඩාංගණයේ එකතු වෙලා තිබුණා. කොහොම වුනත් වැස්සෙන් පස්සේ ක්‍රීඩාංගණ නිලධාරීන් කටයුතු කළ ආකාරය ගැන ගැටළුවක් ඇති වෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් ක්‍රීඩාංගණ ආවරණ ඉවත් කරන්න කලින් ජලය උරා ගන්නා යන්ත්‍ර (Super – Sopper) මඟින් ආවරණ උඩ තියෙන ජලය ඉවත් කරනවා. හැබැයි ඊයේ තරඟයේදී Super – Sopper යන්ත්‍ර මඟින් ජලය ඉවත් නොකරම ආවරණ ඉවත් කරා.

ඒ නිසා ක්‍රීඩාංගණයට ජලය කාන්දු වෙලා තියෙනවා. ආවරණ ඉවත් කිරීමෙන් පස්සේ Super – Sopper යන්ත්‍ර වලින් ;ජලය ඉවත් කරන්න උත්සහා කරත් සාර්ථක වුණේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post