News Line| Off Air| Games
Generic placeholder image

Jun
22

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙනුත් බිඳහෙළිය නොහැකි සුපිරි වාර්තාවක්.

5884 Views


එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙනුත් බිඳහෙළිය නොහැකි සුපිරි වාර්තාවක්.

ක්‍රිකට් ක්‍රීඩාවේ සලකන්නේ එංගලන්තය. ඒ ලෝකයට ක්‍රිකට් හඳුන්වලා දුන්නේ ඔවුන් නිසා. ඒ වුනත් පහුගිය කාලයේ ඔවුන් හිටියේ ටිකක පහු බැහැලා. හැබැයි ආයෙත් සැරයක් ක්‍රිකට් ගුරු ඔවුන් කියලා ඔප්පු කරන්න එංගලන්තය සමත් වුණා.

එංගලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායම එක්දින තරඟ වල වැඩිම ලකුණු ගණන වාර්තා කළා ඔබට මත ඇති. ඔවුන් ඒ දස්කම කරලා පැය 24 ක් යන්නත් කලින් එංගලන්ත කාන්තා කණ්ඩායමත් සුපිරි වාර්තාවක් තිබ්බා. ඒ කාන්තා T20 තරඟ වල වැඩිම ලකුණු ගණන රැස් කරලා. ඔවුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 250 ක් රැස් කරා.

ඔවුන් මේ වාර්තාව තිබ්බේ එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර පැවැත් වෙන තුන්කොන් තරඟාවලියේදී. මේ වාර්තාවේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ එංගලන්තයට කලින් නවසීලන්තය දකුණු අප්‍රිකාවටම එරෙහිව ලකුණු 216 ක් ලබා ගෙන වැඩිම T20 වාර්තාව ඔවුන් සතු කර ගන්නවා.

හැබැයි නවසීලන්තයට ඒ වාර්තාව තියා ගන්න පුළුවන් වෙන්නේ පැය කිහිපයක් විතරයි. හවස තියෙන එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරඟයේදී එංගලන්ත ක්‍රීඩිකාවන් දැවැන්ත ලකුණු ගණනකින් ඒ වාර්තාව බිඳ හෙලනවා. එංගලන්තයේ Tammy Beaumont පන්දු 47 කදී ශතකය වාර්තා කරනවා. එංගලන්තයට මේ වාර්තාව තියන්න කඩුලු 3 ක් විතරයි වැය වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post