News Line| Off Air| Games
Generic placeholder image

Jun
16

Euro-4 ඉන්ධන ගැහුවාම වාහනවලට වෙන දේ…

1375 Views


Euro-4 ඉන්ධන ගැහුවාම වාහනවලට වෙන දේ…

යුරෝ ෆෝ කියන්නේ යුරෝපා කොමිසම අනුමත කළ ප්‍රමිතියක්. එම ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය කෙරෙන ඉන්ධනවල පරිසර හිතකාමී බව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මේ ඉන්ධන යෙදීමෙන් වාහනවල කාර්යක්ෂමතාවත් බොහෝ සේ ඉහළ යනවා. කල්පැවැත්මත් වැඩියි. එම ප්‍රමිතියෙන් යුත් ඉන්ධන මෙරට වෙළඳපොළට නිකුත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉදිරි මාසයේදී කටයුතු කරනවා.

එහිදී මුලින්ම හඳුන්වා දෙන්නේ යූරෝ 4 ප්‍රමිතියෙන් යුත් ඔක්ට්‍රේන් 95 ප්‍රෙට්ටල් සහ යූරෝ 4 ප්‍රමිතියෙන් යුත් සුපර් ඩීසල්. මේ ඉන්ධන අපි සාමාන්‍යයෙන් හඳුනාගන්නේ යූරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යූරෝ ෆෝ සුපර් ඩීසල් විදිහට.

මේ සමඟම දැනට භාවිත කරන සාමාන්‍ය ඔක්ට්‍රේන් 95 පෙට්‍රල් සහ සාමාන්‍ය සුපර් ඩීසල් වෙළඳ පොළෙන් ඉවත් වෙනවා. කොහොම වුනත් දැනට අපි භාවිත කරන ඔක්ටේන් 92 පෙට්ට්‍රල් සහ ඔටෝ ඩීසල් වෙළදපොළේ වෙනදා විදියටම සුලබව තියෙනවා. ඒවා වෙළඳපොලෙන් ඉවත් වන්නේ නැහැ.

එත් ඉහළ ප්‍රමියෙන් යුත් ඉන්ධන නිතරම භාවිතා කරන්න කියල ඛනිජ තෙල් සංස්ථාව පාරිභෝගිකයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

මේ ඉන්ධනයෙන් තමන්ගේ වාහනවලටත් පරිසරයටත් සුබදායි තත්ත්වයක් උදා කර දෙන්න පුළුවන් කියලයි අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post