News Line| Off Air| Games
Generic placeholder image

Dec
9

නවසීලන්ත ගිනි කඳු පිපිරීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

511 Views


නවසීලන්ත ගිනි කඳු පිපිරීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

නවසීලන්තයේ – වකාරි හෙවත් සුදු දිවයින් ගිනි කන්ද පිපිරීමෙන්, අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා.

පිපිරීමට ලක්වන විට ගිනි කදු ආවාටයේ ඇවිදිමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.

තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ද, නවසීලන්ත බලධාරින් ප්‍රකාශ කළා.

පොලීසිය සදහන් කරන පරිදි පුද්ගලයන් 23 දෙනෙකු මුදා ගෙන ඇති අතර, පවතින තත්ත්වය මත ජිවිතාරක්ෂක මෙහෙයුම දුෂ්කරවී තිබෙනවා.

වකාරි ගිනි කන්ද නවසීලන්තයේ වඩාත් සක්‍රිය ගිනි කන්දක් ලෙස සැලකෙනවා.

පෞද්ගලික අයිතිය සහිත දිවයිනක පිහිටි මෙම ගිනි කන්ද නැරඹීමට සංචාරකයන් නිරන්තරයෙන් පැමිණෙන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post