News Line| Off Air| Games
Generic placeholder image

Dec
6

කිළිනොච්චියේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ජලයෙන් යටවෙයි

581 Views


කිළිනොච්චියේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ජලයෙන් යටවෙයි

අධික වර්ෂාව නිසා කිළිනොච්චිය, ආනන්දපුරම් ඇතුළු ගම්මාන කීපයක කොටු වී සිටි පුද්ගලයින් 168 දෙනෙකු යුද හමුදාව විසින් අද (06) උදෑසන බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන්විත් තිබෙනවා.

කිළිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපතිවරයාගේ උපදෙස් මත හමුදා භට පිරිස් ගම්වල කොටුවී සිටි ගම්වැසියන් බේරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා.

මේ අතර කිලිනොච්චිය, ධර්මපුරම් මහ විද්‍යාලයේ සහ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ සකස් කර ඇති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානය ජලයෙන් යටවී තිබෙනවා.

වැසි ජලයෙන් යටවූ පහළ විභාග මධ්‍යස්ථානයේ මේස සහ පුටු ඉහළ මාලය වෙත ගෙන ගොස් විභාගය කරගෙන යාමට හැකි පරිදි කටයුතු සකස් කළ බව යුධ හමුදා නිලධාරීන් පැවසුවා.

විභාගයට පෙනී සිටින දරුවන් යුධ හමුදා භට පිරිස් ට්‍රැක්ටර් රථ සහ බෝට්ටු යොදා ගනිමින් විභාග ශාලාව වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී ඇති අතර හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් දරුවන්ගේ ආරක්ෂාව සඳහා යුධ හමුදා නිලධාරීන් ස්ථානගත කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post