News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

සේනා මර්දනයට ගන්නා රයායනික ද්‍රව්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි – හැරිසන්

350 Views


සේනා මර්දනයට ගන්නා රයායනික ද්‍රව්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි – හැරිසන්

දැනට විවිධ ප්‍රදේශවලින් සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා යොදාගෙන ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකොට ඉන් ගොවීන්ට අසාත්මිකතා ඇතිවේද, මේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව නෙලා ගන්නා ලද භෝග පරිභෝජනය කරන ජනතාවට ඉන් සෞඛ්‍ය ගැටලු මතුවේද යන්න සොයා බැලිය යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුයේ අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාලයේ අද දින (21) පැවති වැඩසටහනක් අමතමින්

වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,

දැනට ඇතැම් දිස්ත්‍රික්කයන්හි රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇතත්, ඒවා භාවිතයෙන් ජනතාවට සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑමට ඉඩ ඇති බවත්, භාවිතයට නුසුදුසු විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිත නොකොට දේශීයව කොහොඹ වැනි ශාක අමුද්‍රව්‍ය කොටස් භාවිත කොට දළඹුවා පලවා හැරීමේ ක්‍රමවේද සකස් කරන මෙන් අමාත්‍යවරයා ගොවීන්ගෙන් මෙහිදී ඉල්ලීමක් සිදුකළා.

දළඹු ව්‍යවසනයෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත්, ගොවි රක්ෂණ මණ්ඩලය හරහා රක්ෂණ වන්දි ලබා දීමටත් තමා අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post