News Line| Off Air| Games
Generic placeholder image

Nov
9

හෙරොයින් තොග පිටින් අල්ලයි

531 Views


හෙරොයින් තොග පිටින් අල්ලයි

හෙරොයින් ග්‍රෑම් 122කට අධික ප්‍රමාණයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු පෑලියගොඩ, තොරණ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී එක් සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහිදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 32යි මිලිග්‍රෑම් 200ක් සහ රුපියල් 20,000ක මුදලක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ හෙරොයින් ජාවාරම් කිරීමට අනුබලදීමේ චෝදනා මත ත්‍රීරෝද රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙරොයින් සමග තවත් කාන්තාවක් පෑලියගොඩ, පට්ටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 90යි මිලිග්‍රෑම් 350ක් සහ රුපියල් දෙලක්ෂ 10,000ක මුදලක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකාරියන් වැල්ලම්පිටිය, අවිස්සාවේල්ල සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් අද(09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනිමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post