News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

“සරසවි සිසුන්ට සල්ලි දෙන්න එපා. පිං කැටවල සල්ලි එකතු කරලා හවසට අරක්කු බොනවා.” – සරසවි ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

475 Views


“සරසවි සිසුන්ට සල්ලි දෙන්න එපා. පිං කැටවල සල්ලි එකතු කරලා හවසට අරක්කු බොනවා.” – සරසවි ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

කැටවලට සල්ලි එකතු කරන එක විශ්ව විද්‍යාල සිසුන් නිතර කරන දෙයක්. ඒ වගේ කැටවලට සල්ලි එකතු කරන සරසවි සිසුන් ඔබටත් ඔන තරම් මුණගැහිලා ඇති. විශ්ව විද්‍යාලයේ උත්සවයකට මුදල් එකතු කරනවා කියලා තමයි ඔවුන් ගොඩක් වෙලාවට කියන්නේ.

හැබැයි මේ විදියට කැටවලට මුදල් එකතු කරන සරසවි සිසුන් ගැන වෙනම කතාවක් උසස් අධ්‍යාපන ඇමතිවරයා කියනවා. එතුමා කියන්නේ උදේට කැටවලට සල්ලි එකතු කරන සරසවි සිසුන් හවසට ඒ මුදල් වලින් මත්පැන් බොනවා කියලා.

ඔය මිනිස්සු පිං කැටවල එකතු කරලා ජීවිතේට සතයක් මහජනතාව වෙනුවෙන් වියදම් කරලා නෑ කියලා මම සහතික වෙනවා. විශ්ව විද්‍යාල දරුවන්ගේ යහපතට වියදම් කළා කියලා කියනවා නම් පෙන්නන්න. ඕවා එකතු කරලා හැන්දෑවට ගිහින් අරක්කු කසිප්පු බොනවා ඔය මිනිස්සු. මේ රටේ මහජනතාවගෙන් මන් ආයාචනා කරනවා පිංකැටේකට කවදාවත් සතයක් දාන්න එපා” කියලයි එතුමා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post